Ads Top

Aluth Hot News

Planned life respectively.



             ලොව පුරාම මිලියන ගණනක ස්මාර්ට්ෆෝන් පරිශීලකයන් මෙම App එක භාවිත කරනුයේ තම කටයුතු මග නොහැරීමටයි. තමන්ගේ කටයුතු නිසියාකාරව නියමිත වෙලාවට ඉ‍ටු කර ගැනීමට වගේම, තමන්ගේ කටයුතු සංවිධානය කිරීමටද මෙම යෙදුම මහඟු සේවාවක් ඉ‍ටු කරයි.



               එය ඇන්ඩ්‍රොයිඩ් පරිශීලකයෙක් සතුව අනිවාර්යයෙන්ම තිබිය යුතු යෙදුම් දහයෙන් එකක් විදියට හඳුන්වන්න පුළුවන්. ඒ වගේම ඔයාල භාවිත කරණ උපාංගය කුමක් වුවත් ( පරිගණකය, Tab, ස්මාර්ට්ෆෝන් ) එක් උපාංගයකින් මෙම යෙදුම භාවිතා කරන්නට සැනින් අන් සියළුම යාවතකාලීන වීම සිදු වෙයි. පසුගිය මැයි 25 වෙනිදා නිකුත්වුණු මෙහි නව සංස්කරණයත් සමග මෙය ඉතා උපයෝගී යෙදුමක් බව්ට පත් වෙලා තියෙනව.
 

                 පැහැදිලි හා ස්ථාවර අතුරු මුහුණත් සැකසුම ඔයාලගෙ එදිනෙදා සැලසුම් වඩා වැඩි අවධානයක් දිනාගන්නා පරිදි සැකසෙයි. ඒ වගේම  ඔයාලට අවශ්‍ය මිතුරන් හෝ කාර්යාලීය සාමාජිකයන් අතර බෙදාහදා ගනිමින් සංවිධානයකිරීමටද හැකියාව ලැබෙනව. මෙම හැකියාව නිසා බොහෝ ව්‍යාපෘති කටයුතු සහ සංවිධාන කටයුතු පහසුවෙනව. මෙම ඇප් එකේ හඳුන්වා දී ඇති ' Honeey Do ' විශේෂාංගය හරහා ඔබටත් ඔබගේ සහකාරියටත් / සහකාරයටත් අතර ලැයිස්තු හෝ සැලසුම්ද බෙදාහදා ගන්නට පුළුවන්. මෙහි Video, Audio, Photo වගේම Dropbox දත්ත පවා අන්තර්ගත කරන්න හැකියාව පවතිනව. මේ ඇප් එක නොම්ලේ බාගන්න පුළුවන් වගේම වැඩි විශේෂාංග සහිත Any.do pro  මිලදී ගන්නටත් පුළුවන්.

හඳුන්වා දීමේ වීඩියෝව.


https://play.google.com/store/apps/details?id=com.anydo&hl=en 

http://www.any.do/



No comments:

Powered by Blogger.