Ads Top

Aluth Hot News

Introduce Fast web browser - FlashFox

                                                    අන්තර්ජාල ගවේශකයන්ට අලුත්ම අත්දැකීමක් එකතු කරන බ්‍රවුසරයක් තමයි මේ ෆ්ලෑශ් ෆොක්ස් කියන්නේ. අන්තර්ජාලය තුල ගවේශණයේදී පැහැදිලි නිදහස් අත්දැකීම ස්මාර්ට් ෆෝනයකදී හෝ ටැබ් උපාංගයකදී අත්විඳිය නොහැකි බවට බොහෝ දෙනා මැසිවිලි නගනව. ඒක නිසා එයට විසඳුමක් වශයෙන් ප්‍රධාන පෙලේ බ්‍රවුසර නිර්මාණ කරුවන් නව විශේෂාංග එක් කරමින් යාවත්කාලීන ලබා දෙන අතර, විකල්ප යෙදුම් බිහිවිමටද ඇරඹිලා තියෙනව. ඒත් ඒ වගේ විකල්ප යෙදුම් ජන්තාව අතරට යාමට සැලකිය යුතු කාලයක් ගතවනු ඇත. එහෙත් ෆ්ලෑශ් ෆොක්ස් යෙදුම ඉතා ඉක්මනින් වැඩි පිරිසක් අතරට පිවිසීම සැලකිය යුතු අවධානයක් දිනා ගත යුතු කාරණාවක් වෙනව.

            ඇඩෝබි ෆ්ලෑශ් ප්ලෙයර් සහිතව දැනට අන්තර්ජාලය ජංගම උපාංගයකින් භාවිත කිරීමට හැකි වේගවත්ම බ්‍රවුසරය ෆ්ලෑශ් ෆොක්ස් යැයි පැවසුවාට වැරදි නැත. ස්මාර්ට් ෆෝනයකින් හෝ ටැබ් එකකින් අන්තර්ජාලය පරිශීලනය කළ හැකි සියල්ලක් පාසාම පැතූ බලාපොරොත්තු ඔහෝමයක්ම ෆ්ලෑශ් ෆොක්ස් තුළින් ඉටු වී ඇත. පහසු අතුරු මුහුණත් සැලසුම සහ ස්මාර්ට් සර්ච් ක්‍රියාවලිය යටතේ අඩු කාලයකදී වැඩි පරාසයක සැරි සැරීමේ නිදහස මෙතුළින් ලබා දෙයි.





 
 ඇප් එක බාගන්න මෙතනින් එන්න.

No comments:

Powered by Blogger.