Ads Top

Aluth Hot News

Jaguar XJ - Power and Beauty, The Luxury Car Redefined


                   බළලාට පණ නවයක් ඇතැයි පැවසෙන කතාව ආභාසයට ගෙන ඇති ජගුවර් සමාගම ' සවැනි ඤානයක් ' සහිත මෝටර් රථයක් නිර්මාණය කරමින් ඉන්න අතර, එහි ප්‍රධානම අරමුණ වෙන්නේ රථය පදවන රියදුරාගේ සිතුවිලි තේරුම් අරගෙන ඔහු රිය පැදවීමට කොතරම් දුරට තමන්ගේ අවධානය යොමුකරනවාද යන්න ගණනය කිරීමයි.
                මේ ක්‍රමය නිසා මානසික පීඩනය,අධික වෙහෙස වගේම ඉදිරියෙන් ඇති මාර්ගය ගැන වූ අවධානය ගිලිහී යාම නිසා රියදුරන් අතින් සිදුවිය හැකි බව ජගුවර් සමාගම පවසයි. මීට අමතරව වාහනයක් පදවනකොට එහි එහි රියදුරාගේ දෑස් මාර්ගයෙන් ඉවතට යොමුවීමේ වාර ගණන අවම කළ හැකි ක්‍රමයක් ගැනද ජගුවර් සමාගමේ පර්යේෂකයන්ගේ අවධානය යොමුව ඇත.

වාහනයක් පැදගෙන යන රියදුරාගේ හෘද ස්පන්ධනය, ශ්වසනය සහ මොළයේ ක්‍රියාකාරී මට්ටම ගණනය කොට ඔහුගේ වෙහෙස පීඩාව සහ අවධානය අඩු බව නිරීක්ෂණය කිරීම සඳහා ජගුවර් ලෑන්ඩ් රෝවර් සමාගම ' සවැනි ඥානය ' නමින් පර්යේෂණ ව්‍යාපෘතියක් දියත්කර ඇති අතර, ඒ සඳහා ක්‍රීඩාවේ, වෛද්‍ය විද්‍යාවේ සහ වායු ගෝලීය විද්‍යාවේදීන් යොදා ගන්නා තාක්ෂණය ඇසුරුකරගෙන ඇත. මෙම ව්‍යාපෘතියේදී ජගුවර් XJ මෝටර් රථයට ' සුවතා ආසනයක් ' ඇතුලත් කර ඇති අතර, එහිදී රියදුරාගේ ශරීර සෞඛ්‍ය පිළිබඳව යම් නිගමනයකට එළැඹීම සඳහා ඔහුගේ හෘද ස්පන්ධන වේගය සහ ශ්වසනය ආදිය ගණනය කෙරෙන බව පැවසේ. එසේම රියදුරාගේ ඇඟිලි නිදහස් වායුගෝලයේ සැරිසරන ආකාරය ඔස්සේ ඔහු කුමන බොත්තම එබීමට යනවාද? යන්න තීරණය කළ හැකි ටච් ස්ක්‍රීනයකින්ද ජගුවර් එක්ස් ජේ මෝටර් රථය ස්මන්විතයි. ඊට අමතරව රියදුරා වෙත උපද්‍රව සංනිවේදනය කළ හැකි කම්පන සහ ස්පන්ධන ඇක්සලේටර් පැඩලයක්ද මෙම මොටර් රථයට සවිකර ඇත.


         මේ සියලුම අංගෝපාංගයන්ගෙන් සමන්විත නිෂ්පාදනයක් වන මේ මොටර් රථය, මෝටර් රථ කලාවේ විප්ලවීය වෙනසක් ඇති කිරීමට සමත් වනු ඇතැයි ජගුවර් පර්යේෂකයන්ගේ අදහස.


No comments:

Powered by Blogger.