Ads Top

Aluth Hot News

To escape the destruction of World.

                  ලෝක විනාශයට මුහුණ දීම සඳහා සුපිරි ධනවතුන් සඳහාම නිම වූ නිවාසයක් ඉදි කිරීමට ජර්මනියේ ගෘහ නිර්මාණ ශිල්පීන් පිරිසක් සමත් වෙල තියෙනව.


                             එය සිනමා ශාලා, අවන්හල්, වය්‍යායාම මධ්‍යස්ථාන හා පිහිනුම් තටාක වලින් සමන්විත වෙනව. මෙය සුඛෝපභෝගී අපාර්මන්ට් නිවාස සංකීර්ණයකින් පමණක් නොව හෙලිකොප්ටර් අංගයකින්ද සමන්විත වෙනව. ඒ වගේම ඊට න්‍යෂථික පිපිරීමක්, සුනාමියක්, භූමිකම්පාවක්, රසායනික අවි ප්‍රහාරයක් පමණක් නොව ඕනෑම ආකාරයක ස්භාවික විපතක් හෝ ප්‍රහාරයකට මුහුණ දීමට මෙයට හැකියාව පවතිනව. එය හැඳින්වෙන්නේ ' ලෝක විනාශයකින් බේරී සිටීමට හර්කි අවසාන ස්ථානය ' යන අනුවර්ථ නාමයෙනි.


       ජර්මනියේ රොතෙන්ස්ටෙයින් ගම්මානයේ පොළව යට තමයි මේ නිවස නිර්මාණය කරල තියෙන්නෙ. ' විවෝස් යුරෝපා වන් සෙල්ටර් ' යනුවෙන් හැඳින්වෙන මෙම භූගත බංගලාව ගොඩනැගිලි සංකීර්ණ සංකල්පය පසුගියදා හඳුන්වා දෙනු ලැබුවේ විවෝස් සමාගමේ නිර්මාතෘ සහ ප්‍රධාන විධායක නිලධාරී රොබට් විසිනියෝ විසිනි. ප්‍රකෝටිපතියෙකුගේ මන්දිරයකට හෝ දැවැන්ත මගී නෞකාවකට සමාන ආකාරයෙන් එය සැලසුම් කර ඇත්තේ එහි පදිංචිකරුවන්ට ඕනෑම ආකාරයක විපත්තියකින් බේරි සිටීමට හැකිවන ආකාරයට යි.

               
                ඇ.ඩො. බිලියන 1.1ක් ( රුපියල් බිලියන 143ක් ) වැයවන මෙම ව්‍යාපෘතියේ එක් නිවසක මිල තවමත් ප්‍රකාශයට පත්කර නැතත්, එහි ඇති පහසුකම් අනුව ලෝක විනාශයකින් බේරීම සන්ඳහා මෙම සංකීර්ණයට පැමිණිය හැක්කේ සුපිරි ධනවතුන්ට පමණක් බව නම් කිව යුතුය. එක් පවුලක් වෙනුවෙන් වර්ග අඩි 2,500ක නිවාසයක් වෙන්කර ඇති අතර, එහි පදිංචිකරුවන්ට අවශ්‍ය නම් තම අභිමතය පරිදි එම නිවාස සැලසුම් කරගන්න පුළුවන් වෙනවා.


සංකීර්ණයේ ඇති වෙනත් පහසුකම් අතර වයින් කර්මාන්ත ශාලාවක්, අවන්හල්, මාර්ග පද්ධතියක්, පාසල්, රෝහල් සහ බේකරුද වෙනව. ඉදිරියේදී සිදුවන්නට හැකි ලෝක විනාශයකින් ආරක්ෂා වීම සඳහා භූගත නිවසක් මිලට ගැනීමට බලාපොරොත්තු වන පවුල් නිවාසය සඳහා යම්කිසි මුදලක් ගෙවිය යුතු අතර, ඊට අමතරව සංකීර්ණයේ සේවක මණ්ඩලයේ වැටුප් සහ නඩත්තු කිරීමේ වියදම් සඳහාද අමතර මුදලක් ගෙවිය යුතු වෙනවා.


 මෙකෙ ඇතුල දැක්කාම පුදුම හිතෙනව, මෙතනින් ගිහින් තව ඡායාරූප බලන්න.


dailymail ඇසුරින් පරිවර්ථනය කොට සකසන ලද ලිපියකි.

No comments:

Powered by Blogger.