Ads Top

Aluth Hot News

IT Lessons 06



ප්‍රවාහන සේවා ( Traansportation )


    විශේෂයෙන්ම ගුවන්  හා දුම්රිය ගමනාගමනය සඳහා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය යොදාගත හැකි වෙනව. උදාහරණයක් විදියට ආසන වෙන් කිරීම, රථවාහන පාලනය සහ වාහ්න  හා සේවක පිරිසකගේ කාල්සටහන් පවත්වාගෙන යාම දක්වන්න පුළුවන්.

    නියමුවන් නොමැතිව ගුවන් යානා, දුම්රියවල් ආරක්ෂිතව ගොඩබැස්සවීම් ගැන ඔයාලා අහල ඇති. මෙහිදී සිදුවන්නේ නියමුවා ගුවන් යානය පාලනය කිරීම හෝ නියමුවා දුම්රිය පාලනය කිරීම වෙනුවට එහි තියෙන පරිගණක පද්ධතිය මගින් එම සිදුවිය යුතු කියාදාමය එලෙසින සිදු කිරීමයි
.

වෛද්‍ය විද්‍යාව (Medicine)


    රෝහල් වල විවිධ අරමුණු සඳහා ඇති යන්ත්‍ර වල ඒවා තුළම පරිගණකයක් ( Built-in Computer) නිර්මාණය කර තියෙනව.

උදා :    CT    ස්කෑන් යන්ත්‍රය (Computed Tomography)
            MRI    ස්කෑන් යන්ත්‍රය (Magnetic Resonance Image)
            CAT    ස්කෑන් යන්ත්‍රය (Computed Axial Tomography)
            US    ස්කෑන් යන්ත්‍රය (Ultra Sonic)
            ECG    ස්කෑන් යන්ත්‍රය (Electrocardiograms / graph)
            EEG    ස්කෑන් යන්ත්‍රය (Electroencephalogram)

         තවද අසාද්‍ය රෝගීගේ සෞඛ්‍ය තත්වය නිරන්තරයෙන්ම නිරීක්ෂණය කිරීමටද, රෝගීන්ගේ වාර්තා ඉලෙක්ට්‍රොනික දත්ත සමුදායක පවත්වාගෙන යාම, රසායන ද්‍රව්‍ය විශ්ලේෂණය කිරීම හා ශල්‍යකර්ම වලදී පරිගණකය විශාල මෙහෙවරක් ඉ‍ටු කරයි.

ඉංජිනේරු විද්‍යාව (Engineering)

    මේ ක්ෂේත්‍රයේ දී ප්‍රිගණක තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය ආකාර දෙකකින් දැක්විය හැකිය.



        01 CAM - ( Computer Aided Manufacturing ) පරිගණක සහයක නිර්මාණය
        01 CAD - ( Computer Aided Design ) පරිගණක සහායක සැලසුම්කරණය

    ඉංජිනේරු විද්‍යාවේදී 'සැලසුම් කිරීම' කියන්නෙ අමතක කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. කුමන හෝ කාර්යක් සිදු කිරීමේදී හොඳ සැලසුමක් අවශ්‍ය වෙනව. ගොඩනැගිලි, මෙවලම්, යන්ත්‍රෝපකරණ, පාලම් සහ අනෙකුත් සෑම දෙයක් සඳහාම සැලසුම් ඇඳීමට ඉංජිනේරුවන් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය  යොදා ගන්නව. මෙය හඳුන්වන්නේ'පරිගනක සහායක  සැලසුම් කරණය' ලෙස. මෑත කාලීනව මේ අරමුණු ඉ‍ටු කරගැනීම සඳහා Auto - Cad වගේම චිත්‍රමය කටයුතු සඳහා 3D MAX හා Maya වගේ මෘදුකාංග යෙදීම් ආකාරයට භාවිතා කළ හැකිය.

    කර්මාන්ත ශාලාවක මිනිසුන්ගෙ ශ්‍රමය අඩු කරමින් පරිගනක වලින් පාලනය වන යන්ත්‍ර භාවිතය තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය මගින් ලබා ගන්නා තවත් ප්‍රයෝජනයකි. තවද වර්තමානය තුලද ඉතාමත් ජනප්‍රිය වන රොබෝ ගැන ඔයාල අහල ඇතිනෙ ජපානය වගේ සංවර්ධිත රටවල් මේ රොබෝවරුන් භාවිතා කරල එදිනෙදා වැඩ කටයුතු පහසු කර ගැනීම සිදුකරගෙන තියෙනව.


විනෝදාස්වාදය ( Entertainment )

          මේකනම් ඔයාලට ගොඩක් හුරු පුරුදු මාතෘකාවක් බව අපි කවුරුත් දන්නව. උදාහරණයක් විදියට පරිගණක ක්‍රීඩා ( Video Games ) ,චිත්‍රපට (Movies) සංගීතමය කටයුතු සහ බහු මාධ්‍ය (Multimedia) යොදා ගැනීම දක්වන්න පුළුවන්. වර්තමාන ශබ්දාගාර (Sound Studio) වල පවා පාලනය අතට ගැනීමට පරිගණක සමත් වී තියෙනව. මේ මගින් අළුත් ගීත වලට ඉතා උසස් තත්වයක් (Quality) ලබා දීමට හැකි වී තියෙනව.

 අපගේ අනෙකුත් පාඩම් මාලාවන් හා සම්බන්ධ වෙන්න පහල ලින්ක් වලින් එන්න

No comments:

Powered by Blogger.