චාලක න්‍යුරෝන ආබාධය මෙලොවින් තුරන් කිරීම සඳහා ආරම්භ කළ Ice Bucket
Challenge වැඩසටහනේ සම නිර්මාතෘ කෝරි ග්‍රිෆින් (Corey Griffin) හදිසි
අනතුරකින් ජීවිතක්ෂයට පත්ව තිනාවා.
කෝරි ග්‍රිෆින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, කිමිදුම් ක්‍රීඩාවේ නිරතව සිටියදී ය.
අමෙරිකානු පොලීසිය පවසන්නේ, ඔහු ඉහළ ස්ථානයක සිට ජල තටාකයකට පැනීමේදී හිස ගැටීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.
27 හැවිරිදි කෝරි ග්‍රිෆින් අමෙරිකානු ජාතිකයෙකු වන අතර සමාජ සේවා ක්‍රියාකාරිකයෙකු ලෙස කටයුතු කළේ ය.
ඔහුගේ මිත්‍රයෙකු චාලක න්‍යුරෝන ආබාධයකින් පෙළීම හේතුවෙන් ඒ පිළිබඳව ඔහුගේ අවධානය යොමු වී ඇත.
කෝරි ග්‍රිෆින් Ice Bucket Challenge සංකල්පය ආරම්භ කළේ, ඒ හේතුවෙනි.
"Ice Bucket Challenge වැඩසටහනේ නිර්මාතෘ කෝරි ග්‍රිෆින් යයි"
Reviewed by
Unknown
on
5:28 PM
Rating:
5
No comments:
Post a Comment