සැහැල්ලුවෙන් ගමන් බිමන් යන්න.

කාර්යබහුල වූ විඩාබර ජීවිතය ඇතුළත තාක්ෂණය මගින් විවිධ වූ මෙවලම් නිර්මාණ දිනෙන් දින ලොවට ඉදිරිපත් කිරීමට විවිධ ආයතන නිරන්තරයෙන් උත්සහයක යෙදෙනවා. කොහොම නමුත් මේ විදියට නිෂ්පාදනය කරන උපකරණ අතරින් මිනිසුන් අතරට සමීප වන්නේ ඉතාම අතළොස්සක් විතරයි. එසේ ජනප්‍රිය වීමට එම මෙවලම සතුව අඩු කාලයකින් වැඩි වැඩ ප්‍රමාණයක් සිදු කිරීමට හැකියාව පැවතිය යුතු වෙයි. එදිනෙදා ගමන්බිමන් යාමට හැකි වන් ලෙස නිෂ්පාදිත විවිධ උපාංග අතර Air Wheel බොහෝ ලෙස ජනප්‍රිය වෙලා තියෙනවා
මෙය පැයට සැතපුම් 14ක වේගයකින් සැතපුම් 24ක් යාමට හැකියාවක් තියෙනව. මෙහි ඇති විශේෂත්වය වන්නේ මෙවන් වේගයකින් මෙතරම් දුරක් යාමට ගත වෙන්නේ එක්වරක් ආරෝපණය කිරීමෙනි.කුඩා රෝදයකින් යුත් මෙය කකුල් දෙක තබාගෙන යා හැකි සාමාන්‍ය උපාංගයකි. සංස්කරණ කිහිපයක් මෙම උපාංග වෙළඳ පොළට නිකුත් කර හිබේ. මෙහි නවතම සංස්කරණයක් මේ දිනවල හඳුන්වා දී ඇත. මෙහි විශේෂත්ව කිජිපයකි. තවද ප්‍රදේශවලට උචිත අයුරින් නිර්මාණ කර ඇත.
- පවුම් 429ක් වැනි මුදලකට මෙවන් සුපිරි අත්දැකීමක් විඳිය හැකියවෙයි. දවස් දෙකක කාලයක් මෙය පුරුදුවීමට ප්‍රමාණවත් බව නිෂ්පාදකයෝ පවසනවා.

මෙහි ' සේග්වේ ' උපකරණ මෙන් අතින් ක්‍රියාකරන තිරිංග නැති අතර, අතින් අල්ලා ගැනීමට කිසිවක්ද මෙහි නොමැත. මෙහි තියෙය්න ප්‍රධාන ප්‍රශ්ණයක් ලෙස පුද්ගලයන් දකින්නේ නැවැත්වීමට කිසිඳු උපාංගයක් මෙහි නොමැති වීමය. ඔබට නැවැත්වීමට අවශ්‍ය ස්ථානයට වේගය අඩුකර පැමිණ නැවැත්වීම සිදුකළ යුතුය. වේගය අඩු වූ විට එයින් බිමට බැසීමටද හැකියාවක් ඇත. තවද මේ පිළිබඳ බොහෝ දෙනෙකු නගන චෝදනාවක් නම් හැරවීමට ඇති අපහසුතාවයි. මෙය භාවිත කරන පුද්ගලයන් පවසන්නේ මෙය හැරවීමට නොහැකි බවත් සෘජු මාර්ගවල පමණක් ගමන් කිරීමට උචිත බවත්ය. කෙසේ හෝ මෙය මනා ලෙස පුරුදු පුහුණු වූ විට එවන් තත්ත්වයන් බාධාවක් නොවනු ඇත.
මෙම උපාංගය භාවිත කරන්නන්ගෙන් බොහෝ දෙනෙකු පවසන්නේ තම සුරතල් සතුන් සමග ඇවිදීමේදී මෙය වඩා යෝග්‍ය බවයි.
No comments:
Post a Comment