Ads Top

Aluth Hot News

හෙද වෘතියට රොබෝවරුන් බඳවා ගැනීම.


 
                                  රෝබෙයාර් යනු නුදුරු අනාගතයේදී රෝහල් වෙත පැමිණීමට නියමිත හෙද රොබෝවකි. ටෙඩි වලසෙකුගේ මුහුණ තියෙන මේ අපූරු රොබෝ යන්ත්‍රයට රෝද පු‍ටුවක හෝ ඇඳක සිටින රෝගියෙකු ඉතා පහසුවෙන් නාන කාමරයක් හෝ වෙනත් ස්ථානයක් වෙත ඔසවා තැබීමට තරම් ශක්තියක් තියෙනව. කිලෝ ග්‍රෑම් 140ක බරක් එසවීමට මෙම රොබෝවාට හැකියාව ඇති අතර, එසේ රෝගියෙකු එසවීමේදී රෝගියාට කිසිදු අපහසුවක් හෝ රිදීමක් ඇති නොවන පරිදි ඒ කාර්යය කිරීමට තරම් එය සමත්කමක් දක්වන බවද පැවසෙනව. ජපානයේ, නගෝයා හි ර්යිකන් - එස්.ආර්.කේ මධ්‍යස්ථානය විසින් මෙම විශේෂ හෙද රොබෝ යන්ත්‍රය නිපදවා ඇති අතර, එය ඔවුන් 2009 සහ 2011 යන වසරවල එළිදැක්වූ රිබා හා රීබා 2 යන රොබෝවන්ගේ නවතම වැඩිදි‍ටුණු කළ සංස්කරණය බව කියයි.






ඩේලි මේල් ඇසුරින් පරිවර්තනය කරන ලද්දකි.

No comments:

Powered by Blogger.