YouTube Kids - ළමුන් වෙනුවෙන්මයි.

ලබන සතියේ ඉඳල වයස අවුරුදු 10ට වඩා අඩුදරුවන් සඳහා වෙන්වූ මෙම YouTube App එක නිකුත් කිරීමට Google සමාගම සූදානම් වන බව වාර්තා වෙනව. YouTube Kids ලෙස නම් කර ඇති මේ ඇප් එක පළමුව Andrid මෙහෙයුම් පද්ධතිය ධාවනය වන උපාංග සඳහා පමණක් නිකුත් කිරීමට යන බවද පැවසෙනව.
නව ඇප් එකෙහි Search කිරීම වාචික විධාන භාවිතයෙන් සිදු කළ හැකි අතර, කුඩා දරුවන්ට වචන Type කිරීමට වඩා මෙය පහසු වනු ඇත. දෙමාපියන්ගේ පැත්තෙන් ගත් විට තම දරුවා අනවශ්‍ය ලෙස Video නරඹන්නේ නැති බවට මෙම App එක හරහා තවුරු කර ගැනීමට හැකිය. දරුවන්ට නොගැළපෙන ප්‍රථිඵල ලබා දෙන Seraches Block කිරීමේ හැකියාව නව App එක සතුව පවතී. මීට අමතරව App එක භාවිත කිරීමට ලබා දෙන කාලය සීමා කිරීමේ හැකියාවද දෙමාපියන්ට ලබා දී තිබෙනව. දරුවන් YouTube වෙත ඇබ්බැහි වීම නැවැත්වීමට මෙම පහසුකම යොදාගත හැකිය. Google සමාගම විසින් මෑතකදී Toontastic Apps නම් දරුවන් වෙනුවෙන් Video නිපදවන සමාගමක් මිලට ගෙන තිබෙන අතර, එහි අරමුණද මෙම නව App එක කිරීම බව වාර්තා වෙයි. මේ සඳහා වැඩිදුර තොරතුරු ලබාගන්න අපත් සමගම රැඳී සිටින්න.
No comments:
Post a Comment