Ads Top

Aluth Hot News

ගූගල් සමාගමේ කොටසක අගය වැඩි වෙයි.


ගූගල් සමාගමේ කොටස් වෙළෙඳ පොළ කොටසක අගය ඉතිහාසයේ ප්‍රථම වතාවට ඇ.ඩො.1,000 ඉක්මවා ඉහළ ගොස් ඇතැයි විදෙස් පුවත් සේවා ඊයේ වාර්තා කළේය. ඒ අනුව, ඒකක 122 ක වර්ධනයක් සමග ඇ. ඩො.1,011.4 ක් ලෙස ගූගල් සමාගමේ කොටසක අගය පසුගිය සිකුරාදා වාර්තා වූයේ 13.8% ක වර්ධනයක් සමගිනි. පුවත් වාර්තාවන්ට අනුව මෙම වර්ධනය ගූගල් සමාගම කිසිසේත්ම බලාපොරොත්තු නොවූවක් බවද පැවසෙයි. ඒ අනුව, 2013 වසර ආරම්භයේ සිට මේ දක්වා ගූගල් සමාගමේ කොටසක අගය 42% කින් ඉහළ ගොස් ඇත.

ජූලි සිට සැප්තැම්බර් දක්වා සමාගමේ දළ ලාභය ඇ.ඩො. බිලියන 2.97ක් වූ බව ප්‍රථමවරට ප්‍රසිද්ධියට පත්වූයේ පසුගිය බ්‍රහස්පතින්දා දිනයේදීය. එය 36%ක වර්ධනයකි. මේ කොටස් වටිනාකම ඉහළ යාම සිදුවීම සඳහාද එය ආසන්නතම හේතුව වූ බව සැලකෙයි. මෙය තම සමාගමේ සරල, සුන්දර ජයග්‍රහණයක් බව එහි ප්‍රධානී ලැරී පේජ් දුරකථන සංවාද හරහා සමාගම් විශ්ලේෂකයන් වෙත කියා සිටියේය. මීට පෙර 2004 වසරේ දී ගූගල් කොටස් වටිනාකම පාකෙරැණු අතර එහිදී එක් කොටසක අගය වූයේ ඇ.ඩො. 85 කි. එවකට ගූගල් හි වෙළෙඳ පොළ වටිනාකම දැක්වුණේ ඇ.ඩො.බිලියන 23 ක් ලෙසය. කෙසේ වෙතත් 2007 වසර වෙද්දී ගූගල් කොටසක අගය ඇ.ඩො.700ක් දක්වා ඉහළ නැංවුණි. පසුගිය වසර හතරක කාලය තුළදී ගූගල් සමාගම ජංගම වෙළෙඳ දැන්වීම් ක්ෂේත්‍රයේ පෙන්නුම් කෙරූ දියුණුව මේ ආසන්නතම ලාභ ඉහළ යාමට හේතු වී තිබේ. 2012 වසරේදී යූටියුබ් වෙබ් අඩවිය හරහා ඔවුන් ලැබූ ලාභය ආසන්නව ඇ. ඩො. බිලියන 4 කි. මීට අමතරව ගූගල් ප්ලේස්ටෝර් හරහා ඔවුන් ඇප්ස් අලෙවියද සිදු කරයි. මේ වනවිට ගූගල් සමාගමේ වෙළෙඳ පොළ වටිනාකම ලෙස සටහන් වන්නේ ඇ.ඩො. බිලියන 334 කි. ඒ අනුව අය ඇපල් සමාගමේ ඇ.ඩො. බිලියන 461ක වඩා තවත් සැලකිය යුතු දුරකින් සිටී.

No comments:

Powered by Blogger.