අසාමාන්‍ය නගර දහය.

ලෝකයේ පංච මහද්වීපයන්හි මිහිමත අමුතු හා අසාමාන්‍ය නගර අතලොස්සක් පිහිට තිබේ.
01. බ්‍රසීලයේ කැන්ඩිඩෝ ගොඩේලි නගරයේ ජනගහනය හත්දහසකට ආසන්න අතර එයින් හත්සියයක් ම නිවුන්නුන් ය. නුවරුන් අතර ප්‍රචලිත පුවත වන්නේ, නාසි වෛද්‍ය ජෝසප් මෙන්ගේලේ විසින් නිවුන් දරු උපත් උත්තේජනය කරන එන්නතක් අත්හදා බැලූ බවයි.
02. ඇමරිකාවේ ෆ්ලෝරීඩා ජනපදයේ ගිබ්සන්ටන් නුවර විශ්‍රාමලත් ස්ර්කස් ශිල්පීන්ගේ නගරය ලෙස ප්‍රසිද්ධ ය. මේ නිසා ඔවුන්ගේ නිවෙසේ මිදුල්වල හීලෑ අලි ඇතුන් හා වදුරන් ද දැකගත හැකි ය.
03. ඇමරිකවේ පෙන්සිල්වේනියා ජනපදයේ සෙන්ට්රිලියා නුවර ජනගහනය දස දෙනෙක් පමණි. මෙහි පිහිටා තිබෙන අත්හැර දැමූ ගල් අඟුරු පතලක, වසර 250 ක කලයක් තිස්සේ දැල්වෙන බව කියන ගිනි ජාලවන් 1962 වසරේදී සොයාගැනීම එයට හේතුවයි. නගරය නිතර ම ගෙන්දගම් දුමාරයෙන් පිරී පවතී.
04. බ්‍රසීලයේ නොයිවා දෝ කෝඩිරෝ නගරයේ ජනගහනයෙන් බහුතරය ගැහැනුන් ය. මේ ගැහැනුන්ගේ සැමියන් සහ වයස අවුරුදු 18 ඉක්මවු පුතුන් අසල නගරක රැකියාව සඳහා පිට වීම අනිවාර්ය වේ. නගරය 1891 වසරේ ස්ථාපිත කළේ අනාචාරය නිස පන්නා දැමූ ගැහැනියක විසිනි.
05. විශාල නගර වෙත ජනයා සංක්‍රමණය වීමේ ප්‍රතිඵලය වශයෙන්, ඇමරිකාවේ මොනොව් නෙබ් රස්කා නගරයේ ජීවත් වන්නේ එක් අයෙක් පමණි. එල්සි නමැති එම වැන්දබු කාන්තාව එහි නගරාධිපතිනිය ලෙස හඳුන්වා ගනී.
06. ඊජිප්තුවේ මැන්ෂියාත් නසර් හැඳින්වෙන්නේ රටේ කසළ අගනුවර වශයෙනි. කෙසේ නමුත් රටේ දස දෙසින් ගෙන එන එම කසළ කඳුවලින් සියයට අනූවක් ම ප්‍රතිචක්‍රීකරණය කිරීමට නුවරු වගබලා ගනිති.
07. ජපානයේ මියාකිජිමා දූපතේ ජීවත් වන්නවුන්ට ගෑස් මුහුණු ආවරණ පැලඳීම අනිවර්ය වේ. එයට හේතුව විදාරණය වන ගිනි කන්දකින් නොකඩවා විෂ වායුව නිකුත් වෙමින් තීබීමයි.
08. ඕස්ට්‍රේලියවේ කූබර්පෙඩි නුවර, ඕපල් ලෙස හඳුන්වන අග්නි මාණික්‍ය නිධි සඳහා පතල ය. කෙසේ නමුත් අධික උණුසුම නිසා නගර වැසියන්ට පොළොවෙන් යට තනාගත් කුටිවල වාසය කිරීමට සිදු ව තිබේ.
09. චීනයේ කුන්මින් නගරය කුරුමිට්ටන්ගේ පුරයයි. මෙහි පුරවැසිභාවය ලබාගත හැක්කේ මීටර 1.29ට වඩා අඩු අයට පමණි. මෑතක පටන් එය ජනප්‍රිය සංචාරක පුරයක් වී ඇති නිසා සුරංගනා කතාවල එන චරිත මෙන් ශෝභන ලෙස ඇඳුම් පැලඳුම්වලින් සැරසීමට නුවරුන් පටන් ගෙන තිබේ.
10. ඇමරිකාවේ ෆ්ලෝරීඩා ජනපදයේ පිහිටා තිබෙන " ද විලේජස් " නැමති නගරය විශ්‍රාම සුවයෙන් පසුවන වැඩිහිටියන් වෙනුවෙන් තැනූ එකකි. එම ගම්බද පරිසරයේ පදිංචිකරුවන් වීමට නම් එක් නිවෙසක අඩු ම වශයෙන් වයස අවුරුදු 55 ඉක්මවු එක් අයෙක්වත් ජීවත් විය යුතුය.
අපිට Like එකක් දාන්න අමතක කරන්න එපා.
No comments:
Post a Comment