Facebook සමාගම WhatsApp අත්පත් කරගනියි

බොහෝ දෙනෙක් අතරේ ජනප්‍රිය WhatsApp messenger සේවාව තමන් මිලදීගැනීමට බාලාපොරොත්තු වන බවට Facebook සමාගම මීට මාස කිහිපයකට පෙර අදහස් දැක්වූ නමුත් එම ගනුදෙනුව පිලිබදව වැඩිදුර තොරතුරු අනාවරණය වුනේ නැහැ. නමුත් අද උදෑසන නිවේදනයක් නිකුත් කරමින් Facebook සමාගම පවසා සිටියේ එම ගනුදෙනුව සාර්ථකව අවසන් වූ බවයි.
WhatsApp co-founder හා CEO වන “Jan Koum” Facebook අධ්‍යක්ෂක මණ්ඩලයට එක් වී ඇති අතර, පෙර පරිදිම ඔහුගේ WhatsApp කණ්ඩායම මෙහෙයවමින් Facebook සමගින් ඉදිරියට යෑමේ වගකීම පැවරී ඇත්තෙත් ඔහුටමයි. මෙම ගනු දෙනුව සදහා Facebook කොටස් (Class A) 177,760,669 ක් හා ඇමෙරිකන් ඩොලර් බිලියන 4.95 ක මුදලක් Facebook විසින් WhatsApp වෙත ලබාදී තිබෙනවා.
මේ පිලිබදව Mark Zuckerberg අදහස් දැක්වූයේ මෙසේයි..
WhatsApp had every option in the world. So I’m thrilled that they chose to work with us. I’m looking forward to what Facebook and WhatsApp can do together, and to developing great new mobile services that give people even more options for connecting. I’ve also known Jan for a long time, and I know that we both share the vision of making the world more open and connected. I’m particularly happy that Jan has agreed to join the Facebook board and partner with me to shape Facebook’s future as well as WhatsApp’s.
www.trickslanka.com උපුටා ගැනීමකි.
No comments:
Post a Comment