Ads Top

Aluth Hot News

නාට්‍යයකට බිය වී 33ක් මැරෙති


ගිනියාවේ අගනුවරවන කොනාකිහි මුහුදු වෙරළේ පැවති ප්‍රසංගයක දී කළබලයට පත්වූ පිරිසක් දිවයාමෙන් පෑගීමට හා තෙරපීමට ලක්ව  33 දෙනකු මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මියගිය පිරිසෙන් 11 දෙනකු ළමුන් වන අතර 13 දෙනකු කාන්තාවෝය. තවත් සිය ගණනක් මෙහිදී තුවාල ලබූහ. ඉස්ලාම් භක්තිකයන්ගේ රාමසාන් ශුද්ධ මාසය සැමරීම වෙනුවෙන් මේ ප්‍රසංගය පවත්වා ඇත.
සිදුවූ අනතුර හේතුවෙන් එරට ජනාධිපති කාර්යාලය ජාතික ශෝක සතියක් ද ප්‍රකාශ කැර තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ගිනියාවේ රැප් කණ්ඩායමක් විසින් පැවැත්වූ ශෝකාන්ත නාට්‍යයකට බියවී මේ පිරිස දිවගොස් ඇති බවයි.
guinia (1) guinia (3) guinia (4)

No comments:

Powered by Blogger.