Ads Top

Aluth Hot News

මිය ගිය දරුවා 36 වසරක් මව් කුසේ.















පුරා වසර 36ක් කුසතුළ තිබූ කළලයක් ඉවත්කළ බව ඉන්දියාවේ වෛද්‍යවරු කණ්ඩායමක් කියති. 1978 දී 24 වැනි වියේ පසු වූ කන්තබායි තක්රි නමැති ඉන්දියා කත ගැබ්ගත් බව දැනගත් පසු ඇය රෝහලක් වෙත ගියාය. වෛද්‍යවරු කියා ඇත්තේ දරු පිළිසිඳගෙන ඇත්තේ ගර්භාෂයෙන් පිටත බැවින් දරුවාගේ ජීවිතය අවදානම් බවයි. ඒ හේතුවෙන් සැත්කමක් කළ යුතුයැයි ඇයට දන්වා තිබිණි. සැත්කමට බිය වූ ඇය රෝහලෙන් පලා ගියාය.
  
doctors 1

පසුව ඇතිවූ උදරයේ වේදනාවට ඇය මාස ගණනක් වේදනා නාශක බීවාය. පසුව ඇය සිතුවේ තමන් සුවය ලබා ඇති බවයි. දරුවා බිහිවූයේ ද නැත. 60 වැනි වියට එළඹුණු ඇයට ඉවසාගත නොහැකි බඩේ වේදනාවක් ඇතිවූයෙන් යළි රෝහලට ගියාය. 
ඇගේ උදරයේ ගෙඩියක් ඇති බවත් එය පිළිකාවක් විය හැකි බවත් වෛද්‍යවරු කීහ.  එසේ වුව ද එම්.ආර්.අයි. ස්කෑනින් පරීක්ෂණයකින් හෙලි වූයේ ළදරු ඇටසැකිල්ලක් උදරයේ තිබෙන බවයි. ඉන්දියාවේ නාග්පූර්හි එන්කේපී සෙල්ට් වෛද්‍ය විද්‍යා රෝහලේ දී ශල්‍යකර්මයකින් මේ කලලය ඉවත් කැරිණි. 

doctors 2 - Copy

ශල්‍ය වෛද්‍ය මොහොමඩ් යූනුස් ෂා පවසන්නේ මේ තත්ත්වය මීට වසර 38ට පෙර සිදුවීමේ ප්‍රතිඵලයක් බවයි. ඒ අනුව මෙය ලෝකයේ දීර්ඝත ම කාලයක් ගර්භාෂයෙන් පිටත වූ කලලයක් සිරුරතුළ තබාගෙන සිටි අවස්ථාව ද වෙයි. මීට පෙර එවැනි අවස්ථාවක් වාර්තා වී ඇත්තේ බෙල්ජියමේ දී ය. ඒ වසර 18ක් පුරා කලලයක් ගර්භාෂයෙන් පිටත තබාගෙන සිටීමෙනි.
 
doctors 3

No comments:

Powered by Blogger.