Ads Top

Aluth Hot News

ශබ්දයෙන් ආරෝපණය කල හැකි ස්මාර්ට්ෆෝනයක් නිපදවයි.




ලන්ඩන් හි Queen Mary විශ්වවිද්‍යාලයේ විද්‍යාඤයින් කණ්ඩායමක් විසින් ශබ්දයෙන් ආරෝපණය කල හැකි ස්මාර්ට්ෆෝනයක් නිපදවා තිබෙනවා. වසර හතරකට පෙර කොරියානු විද්‍යාඤයින් පිරිසක් “piezoelectric effect” නමින් හදුන්වාදුන් සංකල්පයක් මූලික කරගෙනයි මෙම නිපදවීම සිදු කර තිබෙන්නේ.

Car Horn Charging Phone ශබ්දයෙන් ආරෝපණය කල හැකි ස්මාර්ට්ෆෝනයක් නිපදවයි

ශබ්ද තරංග වලට ප්‍රතික්‍රියා දැක්වීමේදී විදුලි බලය ජනනය වන energy-harvesting ‘nanogenerators’ මේ සදහා යොදාගෙන තිබෙනවා. එම නිසා වාහන වලින් ඇසෙන ශබ්ද, කතා කරන හෝ සංගීතයක ශබ්දයක් විද්‍යුතය බවට පරිවර්තනය කරන්නට මෙම ස්මාර්ට්ෆෝනයට හැකියාව තිබෙනවා. මෙම ක්‍රමය මගින් සාර්ථකව වෝල්ට් 5 ක විදිලියක් ජනනය වන බවත් එය mobile එක ආරෝපණය කරගැනීම සදහා ප්‍රමාණවත් බවයි මෙම පර්යේෂකයින් පවසන්නේ.


No comments:

Powered by Blogger.