ලෝක ආර්ථිකයේ බලවතා, ලොකුම හමුදාව අතින් බලවතා, ලෝකේ ලොකු ශ්‍රම බලකාය
අතින් බලවතා චීනා. මේ ලෝකේ බලවත්ම smart phone එක ගැන නැත්නම් බලවත්ම
android දුරකථනය; ඒකත් චීනෙන්.
ලෝකේ බලවත්ම smart phone උනේ samsung සමාගමේ galaxy S3 දුරකථනය. නමුත්
වාර්ථාව බිදනු ලැබුවා චීන සමාගමක් වුන Xiaomi සමාගම. 2GBකක RAM
එකකිනුත් quad-core processor එකකිනුත් Xbox 360 වලදී මෙන්ම graphics
performance සහිතව ඔක්තෝබර් මස එලි දකින්නට සැරසෙන්නේ Mi-Two මාදිලියයි.
අගල් 4.3ක 720p resolution වලින් සමන්විත වූ display එකකිනුත්, 1080p යටතේ
තත්පරයට frames 30ක් ගැනීමට හැකි හා 720p යටතේ තත්පරයට frames 90ක් ගැනීමට
හැකි 8MP primary camera එකකිනුත් සමන්විත මෙය නවීනම HSPA+ තාක්ෂණයෙනුත්
සමන්විත වන්නේ තත්පරයට මෙගාබිට් 42ක් බාගත කිරීමේ හැකියාවක් භාවිතා
කරන්නන්ට ලබා දීමටය. 16GB ධාරිතාවකින් යුත් මෙම දුරකථනය SD Card slot
එකකින්ද සමන්විතයි. 2000mAh සම්මත බැටරියකින් යුතුව. අවශ්‍යතාවය මත 3000mAh
බැටරියකට මාරැ වීමේ හැකියාවෙන්ද මෙම දුරකථය යුක්තයි.
භාවිතා වන්නේ android 4.1 Jelly Bean සංස්කරණයයි. හිතුවාද මෙච්චර දෙයක් කරයි කියලා? භාවිතා කරලා තියෙන්නේ Qualcomm Snapdragon APQ8064 S4 Pro
නම් වූ chipset මාදිලියයි. මෙහි විශේෂත්වය වන්නේ cores 4ක් හා එක virtual
core එකකින් සමන්විත වීමයි. මිල ගණන් සැසදීමකට ලක් කලහොත් ඇමරිකන් ඩොලර්
300කට වගේ මිලදී ගැනීමේ හැකියාවක් පවතිනවා ඔක්තෝබර් මස සිට. benchmark වලට
අනූව samsung සමාගමේ galaxy S3 වඩා තුන් දහසක ලකුණු ප්‍රමාණයක් ලබා ගැනීමට
සමත්ව තිබෙනවා.
ඇස් තුනටත් ගේම දීපු චීනා
Reviewed by
Unknown
on
6:08 PM
Rating:
5
No comments:
Post a Comment