මෙම වසරේ පළමු කාර්තුව අවසන් වන විට ලොව දනවතුන් අතර පළමුතැන Bill Gates රැදී සිටි අතර, Facebook CEO වන Mark Zuckerberg සිටියේ Google
සමාගමේ co-founders දෙපල වන Sergey Brin හා Larry Page ටත් පසුපසිනුයි.
නමුත් පසුගිය බ්‍රහස්පතින්දා දිනයේදී Google ස්ථාපකයින් දෙපල පරදා ලොව
දනවතුන් අතර ඉදිරියට යෑමට Mark Zuckerberg හට හැකියාව ලැබුනා.
ඩොලර් බිලියන 33.3 ක වත්කමක් සමගින් මේ වන විට Mark Zuckerberg රැදී
සිටින්නේ ලොව දනවතුන් අතර 16 වැනි ස්ථානයේයි. Google ස්ථාපකයින් දෙපල 17 හා
18 යන ස්ථානවල රැදී සිටිනවා. Larry page ගේ වත්කම් වල වටිනාකම ඩොලර්
බිලියන 33.2 ක් වන අතර ඩොලර් බිලියන 32.9 ක වත්කමක් Seygey Brin සතුයි.
පසුගිය වසරේ මේ වන විට Facebook හි කොටසක විකුණුම් අගය වුනේ $36 යි.
නමුත් අද වන විට එහි විකුණුම් අගය $75 දක්වා ඉහල ගොස් තිබෙනවා. ඒ වගේම
Facebook කොටස් වලින් 22% ක ප්‍රමාණයක් Zuckerberg සතුයි. මේ අයුරින්
Facebook කොටසක අගය $200 දක්වා ඉහල ගියෝතින් Zuckerberg ට හැකියාව ලැබෙනවා
Bill Gates හා Carlos Slim පරදා ලොව දනවත්ම පුද්ගලයා බවට පත්වීමට.
Google ස්ථාපකයින් පරදා Mark Zuckerberg ලොව දනවතුන් අතර ඉදිරියට
Reviewed by
Unknown
on
11:51 AM
Rating:
5
No comments:
Post a Comment