Ads Top

Aluth Hot News

වඩා සුරක්ෂිත බ්රේක් පද්ධතියක් සමඟ BMW HP4 යතුරුපැදිය ලොවට හඳුන්වා දෙයි


මගේ වගේම ඔබෙත් සිහිනය කවදා හෝ BMW වෙළඳ නාමයෙන් නිර්මාණය වන රථයක් තමා සතු කරගන්න වෙන්න පුළුවන්. කාගේත් සිහින වෙළඳ නාමය වන BMW තීරණය කර තිබෙනවා වඩා සුරක්ෂිත ABS (Anti-lock braking system) බ්රේක් පද්ධතියක් සමඟ BMW HP4 යතුරුපැදිය ලොවට හඳුන්වා දීමට. යතුරුපැදි වල ඉලෙක්ට්‍රොනික තාක්ෂනය හා ඉංජිනේරු ශිල්පය ගැන කතා කරනවිට BMW වෙළඳ නාමය පරදවන්නට මෙලොව තිබෙන කිසිම වෙළඳ නාමයකට හැකියාවක් නම් නැහැ. වඩා සුරක්ෂිත සහ වඩා උසස් ගනයේ යතුරුපැදි නිර්මාපකයන් අතරින්ද ඉහලින්ම සිටින්නේ BMW සමාගමයි. මෙයට හොදම නිදර්ශනය නම් අනිකුත් සමාගම් ABS තාක්ෂනය ඔවුන්ගේ මෝටර් සයිකල නිර්මාණ වලට එක කිරීමට් උත්සහ කරන විට BMW සමාගම ABS Pro තාක්ෂනය HP4 සඳහා එක් කිරීමට තීරණය කිරීමයි.
BMW ABS for HP4 Motorbike වඩා සුරක්ෂිත බ්රේක් පද්ධතියක් සමඟ BMW HP4 යතුරුපැදිය ලොවට හඳුන්වා දෙයි
ABS Pro කියන්නේ වඩා අවදානම් සහිත වක් වූ වංගු ගැනීමේදී ආරක්ෂාව සපයන ලොව ප්‍රථම ABS තාක්ෂණයයි. මෙමගින් වංගු ගැනීමේදී යතුරුපැදිය අස්ථායි වීම වැළකෙනවා. කර්ෂණය වෙනස් වන අකාරය හදුනා ගත හැකි සංවේදක ABS පද්ධතිය සතුයි. එම නිසා තිරිංග යොදන විට brake pressure එක අවස්ථාවට අදාළ ලෙස උස් පහත් කිරීමට හැකියාව ලැබෙනවා. තවත් විශේෂ කරුණක් නම් ABS Pro තාක්ෂනය ක්‍රියාත්මක වන්නේ “Rain” සහ “Sport” කියන riding modes වලදී පමණයි. නමුත් Race” හෝ “Slick” කියන riding modes වලදී මෙය ක්‍රියාත්මක වන්නේ නැහැ. මෙයින් ගම්‍ය වන්නේ නව තාක්ෂනය භාවිතා කල හැකි වන්නේ වීථි වලදී පමණක් බවයි.
වඩාත්ම වැදගත් දේ වන්නේ ඔබගේ දැනට තිබෙන ABS තාක්ෂණය නොමැති BMW HP4 එකට වුවද ඉතා සුළු මුදලක් ගෙවා මෙය සම්බන්ධ කර ගැනීමට හැකි වීමයි. BMW පදවන කෙනෙකු කිසි විටක ගෙවීමට වන මුදල ගැන වැඩි දුර නොසිතා BMW ප්‍රමිතිය තමාගේ වාහනයටත් එක් කර ගැනීමට උත්සුක වන බව නම් නොරහසක්.

No comments:

Powered by Blogger.