මිනිස් ශරීරයෙන් HIV වයිරසය ඉවත් කල හැකියි!

ආසාදන සමඟ සටන් කර “guide RNA” මූලධාතු නිෂ්පාදනය කරන නියුක්ලියොටයිඩ විස්සක් සහිත අපගේ ප්‍රතිශක්තීකරණ පද්ධතියේ කොටසක් මෙම කණ්ඩායම විසින් විශ්ලේෂණය කරනු ලැබුවා.ඉන්පසු ඔවුන් විසින් මෙම මූලධාතු HIV අසාදිත සෛල වලට එන්නත් කරනු ලැබුවා. පසුව විද්‍යාඥයින් විසින් වයිරස ප්‍රවේණ්‍යණුවේ අග කොටස පිලිබඳ අවධානය යොමු කල අතර එහිදී ජානමය ද්‍රව්‍ය නිර්මාණය වන 9,709 නියුක්ලියොටයිඩ විනාශ වී යන බව නිරීක්ෂණය කරනු ලැබුවා. Guide RNA හි මිනිස් DNA නොමැති නිසා මුලික සෛලයට හානියක් නොකර HIV වයිරසය ඉවත්ව යනු ලැබුවා.

මෙම කණ්ඩායමේ පරීක්ෂකයෙකු වන Kamel Khalili පවසා සිටියේ “මිනිසාගේ ප්‍රතිශක්තීකරන පද්ධතිය තුලින් HIV-1 ස්වභාවිකව ඉවත් නොකෙරෙන බැවින් මෙම AIDS රෝගයට ප්‍රතිකාර කිරීමට නම් අනිවාර්යෙන්ම මෙම HIV වයිරස් කාරකය ඉවත් කර දැමිය යුතුයි. අපි විවිධාකාර වූ ක්‍රම උපායන් මේ සඳහා අත්හදා බලමිනුයි සිටින්නේ. අපිට අවශ්‍ය වන්නේ HIV වයිරසය මුලින් උපුටා දමන්නයි.”

කෙසේ වෙතත් විද්‍යාඥයින් විසින් වයිරසය ව්‍යාප්ත වී ඇති සෛල වලින් වයිරසය ඉවත් කර දැමුවත්, මෙය මිනිසාට කරන කර ගෙන අත්හදා බැලීමට ප්‍රථම ඔවුන්ට තව බොහෝ වැට කඩුලු , බාධක ජයගෙන ඉදිරියටම ඒමට වේවි. මේ පිලිබදව වැඩි දුර තොරතුරු පහත විඩියෝවෙන් ඔබට දැන ගත හැකියි.
No comments:
Post a Comment