Ads Top

Aluth Hot News

HP සමාගමෙන් නවීන පන්නයේ Smartwatch එකක් ලගදීම..





hp smartwatch HP සමාගමෙන් නවීන පන්නයේ Smartwatch එකක් ලගදීම..
නවීන පන්නයේ smartwatch එකක් සමගින් HP සමාගම smartwatch වෙළදපලට අවතීර්ණ වී තිබෙනවා. මෙම smartwatch එකට ඉහල මට්ටමේ පෙනුමක් ලබාදීම සදහා HP සමාගම, ජනප්‍රිය මෝස්‌තර නිර්මාණකරුවෙකු වන Michael Bastian හා online shopping වෙබ් අඩවියක් වන Glit හා එක්ව කටයුතු කර තිබෙනවා. මෙම Smartwatch එක පිලිබදව වැඩිදුර තොරතුරු තවමත් අනාවරණය වී නොමැති නමුත් මෙය Android හා iOS යන මෙහෙයුම් පද්දති දෙක සමගම ක්‍රියාකරන බවයි වාර්තාවෙන්නේ.
දැනටමත් HP හට Smartwatch වෙළදපලේ Pebble Steel, Moto 360 හා ඉදිරියේදී පැමිණීමට නියමිත iWatch ඇතුළුව තවත් තරගකරුවන් රැසක්ම සිටිනවා. ඉතින් මේ නිසා වෙන්න ඕනේ HP සමාගම සිය Smartwatch එකේ සැලැස්ම නිර්මාණය කිරීමට Michael Bastian හට බාරදෙන්න ඇත්තේ. කෙසේ නමුත් මේ සම්බන්දයෙන් දැනට අනාවරණය වී ඇති කරුණු වලට අනුව මෙය 44mm stainless steel case එකකින්, multi-layered නිමාවක්, විශේෂිත bezel bolts, physical lighted කාල රේකයක්, හා මාරු කල හැකි එකෙනෙකට වෙනස් ඔරලෝසු පටි තුනකින් ද සමන්විත බවයි වාර්තා වෙන්නේ.
මෙම Smartwatch එක වෙළදපලට නිකුත් කෙරෙන දිනයක් පිලිබදව තවමත් කිසිදු සදහනක් තවමත් නොමැති නමුත් ඉදිරියේදී මේ පිලිබදව තවත් වැඩි විස්තර අපට අසන්නට ලැබෙවි.
hp michael bastian HP සමාගමෙන් නවීන පන්නයේ Smartwatch එකක් ලගදීම..

No comments:

Powered by Blogger.