Ads Top

Aluth Hot News

අලුත් Update එකෙන් පසුව Google Chrome ලෙඩ දෙනවද? එහෙනම් මෙන්න විසදුම !



ඔබ Google Chrome වෙබ් ගවේශකය (Web browser) බාවිතා කරන අයෙකු නම් හා Chrome වෙබ් ගවේශකයේ ක්‍රියාකාරිත්වය තරමක් මන්දගාමී යැයි ඔබට දැනෙනවානම් මෙම ලිපිය ඔබට අනිවාර්යෙන්ම ප්‍රයෝජනවත් වේවි.
නොබෝදා Google විසින් සිය Chrome වෙබ් ගවේශකයේ 36 වැනි සංස්කරණය නිකුත් කරනු ලැබුවා. මෙම නව සංස්කරණයට තම Chrome ගවේශකය යාවත්කාලීන කරගත් බොහෝ දෙනෙක් හට විවිද ගැටලුවලට වලට මුහුණදීමට සිදුවී තිබෙනවා. Chrome හි ක්‍රියාකාරීත්වය මන්දගාමී වීම, වෙබ් අඩවි load වීම සදහා පෙරට වඩා වැඩි කාලයක් ගත වීම, Type කරනා විට lag වීම, යම් අවස්තාවලදී Scroll විශේෂාංගය නිසියාකාරව ක්‍රියා නොකිරීම, Tabs විවෟත නොවී, “Loading…” ලෙස පමණක් දිස්වීම වැනි කරුණු ඉන් ප්‍රදාන ගැටළු කිහිපයකුයි.
මෙම ගැටළු ඇතිවීමට ප්‍රදාන හේතුකාරකය තමයි Chrome හි ඇති “Hardware Acceleration” විශේෂාංගය. එම විශේෂාංගය disable කර දැමීමෙන් මෙම ගැටළු ඇතිවීම වලක්වාගත හැකියි.
ඔබත් Chrome වෙබ් ගවේශකය නව සංස්කරණයට යාවත්කාලින කලායින් අනතුරුව එවැනි ගැටලුවලට මුහුණ දෙන අයෙකු නම් පහත උපදෙස් අනුව ගොස් ඔබට පුළුවන් “Hardware Acceleration” විශේෂාංගය disable කර දමන්නට.
icon check2 අලුත් Update එකෙන් පසුව Google Chrome ලෙඩ දෙනවද? එහෙනම් මෙන්න විසදුම ! Chrome වෙබ් ගවේශකය විවෟත කරගෙන controll බටනය ක්ලික් කර “setting” තෝරන්න.
icon check2 අලුත් Update එකෙන් පසුව Google Chrome ලෙඩ දෙනවද? එහෙනම් මෙන්න විසදුම ! Settings හි පහලට scroll කරගෙන ගොස් “Show Advance Settings” යන link එක ක්ලික් කරන්න.
chrome settngs අලුත් Update එකෙන් පසුව Google Chrome ලෙඩ දෙනවද? එහෙනම් මෙන්න විසදුම !
icon check2 අලුත් Update එකෙන් පසුව Google Chrome ලෙඩ දෙනවද? එහෙනම් මෙන්න විසදුම ! නැවත පහලට scroll කරගෙන ගොස් “Use hardware acceleration when available” යන opion එක සොයාගෙන එය යටතේ තිබෙන කොටුවේ ඇති හරි සලකුණ ඉවත් කර Chrome ගවේශකය restart කරගන්න.
පෙර ඔබ මුහුණ දුන් ගැටළු නිරාකරණය වී ඇති බව Restart කරගත්තායින් අනතුරුව ඔබටම අවබෝද වේවි.


No comments:

Powered by Blogger.