ශ්‍රී ලංකාවේ මීළඟ ජනාධිපතිවරණයේදී Hologram තාක්ෂණය භාවිතයට ගැනීමට සුදානමක්
මීළඟ ජනාධිපතිවරණයේදී Hologram තාක්ෂණය හඳුන්වාදීමට ශ්‍රී ලංකාවේ පෞද්ගලික උත්සව සංවිධානය කරන සමාගමක් විසින් මේ වනවිටත් කටයුතු සුදානම් කරනමින් පවතින බව මෙරට මාධ්‍ය වාර්තා වල සඳහන් වෙනවා.
මෙම තාක්ෂණය මඟින් ජනාධිපති අපේක්ෂකයින්ට ස්ථාන කිහිපයක රැස්වීම් එක විට පැවත්වීමට හැකියාව ලැබෙනවා.
දැනට වාර්තා වන කරුණු අනුව මෙම උත්සව සංවිධාන සමාගම ලංකාවේ ජනප්‍රිය ගායක දෙපලක් වන භාතිය හා සන්තුෂ්ට අයිති බවත්, ඔවුන් විසින් මෙම නව තාක්ෂනය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ජන්ද ව්‍යාපාරයට එක් කිරීමට සුදානම් වන්න බවත් කියවෙනවා.
ඒවගේම අනිකුත් පක්ෂ වල නාමයෝජකයිනුත් මෙම තාක්ෂනය බාවිතයට ගනීවී යැයි අපේක්ෂා කරනවා.
සජීවී ත්‍රිමාණ රූප (live three dimension image) නිර්මාණය කිරීමට Hologram තාක්ෂණය මඟින් හැකියාව ලැබෙනවා. මෙම තාක්ෂනය ඉන්දියාවේ පසුගිය දා පැවති ජන්ද විමසීමේදී , ජන්ද රැලි ඇමතීමේදී ප්‍රයෝජනයට ගෙන තිබෙනවා.

No comments:
Post a Comment