ලොව ප්‍රථම ෆැමිලි රොබෝව Jibo: ලොව ප්‍රථම ෆැමිලි රොබෝව Jibo
රොබෝවන් පවුලේ සාමාජිකයෙකු ලෙසින් ඉතා සමීපව කටයුතු කරන අවස්ථා චිත්‍රපට
තුලින් අපි ඕනෑ තරම් දැක තිබෙනවා. ඉතින් කවදාහරි ඔබත් සිහින මැවුවානම්
එවැනි රොබෝවෙක් තමන්ගේ පවුලටත් එක් කරගන්න, එහෙනම් එය වැඩි ඈතක නෙවෙයි.
කේම්බ්‍රිජ් හි පිහිටාතිබෙන Massachusetts Institute of Technology (MIT)
විශ්වවිද්‍යාලයේ සහකාර මහාචාර්යවරයෙකු වන Cynthia Breazeal විසින් Jibo
නමින් ලොව ප්‍රථම ෆැමිලි රොබෝව නිර්මාණය කිරීමේ කටයුතු වල නියලී සිටිනවා.

Jibo කියන්නේ ඩෙස්ක්ටොප් රොබෝවෙක්. Linux මත ක්‍රියාත්මක වන Jibo ප්‍රෝග්‍රෑම් කරතිබෙන්නේ JavaScript වලිනුයි. Jibo ගේ බර කිලෝග්‍රෑම් තුනකට (6 pounds) ආසන්න වන අතර උස අගල් හයක් (28 cm) වෙනවා. Jibo ව නිර්මාණය කරතිබෙන්නේ ඇලුමිනියම් සහ ප්ලාස්ටික් වලින්. පවුලේ උදවියගේ මුහුණු හදුනාගැනීමට හා ලුහුබැදීමට මෙම රොබෝවට හැකියාව තිබෙනවා.

කොහොම නමුත් මේ වන විට Jibo මූලාකෟතියක් පමණයි. Jibo නිර්මාපකයින් විසින් මෙම ව්‍යාපෘතිය සදහා මේ දිනවල අරමුදල් රැස්කරමිනුයි සිටින්නේ. ලබන මස පහළොස්වැනිදා වන විට $100,000 ක අරමුදලක් රැස් කරගැනීම ඔවුන්ගේ අරමුනයි.
පහතින් තිබෙන්නේ ලොව ප්‍රථම ෆැමිලි රෝබෝව සම්බන්දයෙන් නිමවුණු අපූරු වීඩියෝවක්.
ලබන වසරේ දෙසැම්බරයේදී Jibo ව වෙළදපලට හදුන්වා දීමට නියමිතයි.

No comments:
Post a Comment