Ads Top

Aluth Hot News

Microsoft office වෙනුවට Libre Office මෘදුකාංගය.


අලුත් අලුත් සොෆ්ට්වෙයා දෙන ඔයාලට අපි තවත් වටිනම මෘදුකාංගයක් ගෙනාවා ඔන්න.මාතෘකාවේ සදහන් පරිදි මේ මෘදුකාංගයේ නම Libre Office.

 ඔයාලා දන්නවා Microsoft Office ගැන අන්න ඒ වගේම ඒ වැඩ ටිකට අමතරව තවත් වැඩ කෑලි එකතු කරලා හදලා තියෙන open source මෘදුකාංගයක්. ඒ කියන්නේ මේක 100% ක් නොමිලේ දෙන ජනප්‍රියම මෘදුකාංගයක්.

අපේ ලංකාවේ මුදලින් Microsoft office පැකේජ් එක ගන්න ගියොත් රු.25000 ක් වත් වෙනවා.ලොකු ගානක් නේ ? අන්න ඒකට විසදුම තමයි මේ Libre Office. ඔයාලා දන්නවා නේ ගොඩක් අය බාවිතා කරන්නේ ඉතින් ක්‍රැක් කරපු , පැච් කරපු හොර Microsoft office කොපි තමයි.
නමුත් මේ වැඩේ හැම තැනම කරන්න බෑ. විශේෂයෙන් ආයතන වල , පුද්ගලික වෙළදමද්‍යස්ථාන වල එහම හොර කොපි බාවිතා කරන්න එක ලොකු අවධානමක්.

ඒ නිසා බොහෝ දෙනා මේ මෘදුකාංගය බාවිතා කරන්න පෙළබී සිටිනවා.Microsoft office වගේම Interface එකත් වැඩි වෙනසක් නෑ.බොහෝ අංග සමානයි.MS office වල තියෙන Excel , power-point , Excess සහ ඉතුරු Package සියල්ලගෙන්ම සමන්විතයි.  ඉතින් ඔයාලටම තේරෙනවනේ මේ මෘදුකාන්ගය කොච්චර වටිනවද කියලා.



මෙන්න ස්ක්‍රීන්ශොට් එකක් word වල.



මේ සොෆ්ට්වෙයා එක ඩවුන්ලෝඩ් කර ගන්න මෙතනින්.

මෙය වින්ඩෝස් මෙහෙයුම් පද්ධතියේ මෙන්ම Linux වලද වැඩ කරනවා.

බලන්න Review  විඩියෝවක්.


 
http://aluthlokayaaa.blogspot.com/

No comments:

Powered by Blogger.