Ads Top

Aluth Hot News

නිදාගෙන ලැප් ටොප් එක Use කරන හැටි.


බොහෝදෙනා ඇඳ මත වැතිරී ඔවුන්ගේ ලැප්ටොප් පරිගණකය භාවිතා කිරීමට පුරුදු වී සිට්යි. එය එතරම් හොඳ පුරුද්දක් නොවන්නේ දිගු වේලාවක් පරිගණකයේ උණුසුම් මතු පිට උකුල මත තබාගෙන සිටීම අහිතකර හෙයිනි.


මෙම ගැටළුවට හොඳ විසඳුමක් ජපානයේ සන්කෝ ආයතනය විසින් ඉදිරිපත් කර තිබේ.


ඒ ඇඳ මත වැතිරී ලැප්ටොප් පරිගණකය භාවිතා කළ හැකි ආකාරයට සකස් කර ඇති කුඩා මේසයයි.


බැලූ බැල්මට කම්මැලියන් සඳහා ගැළපෙන ලෙස සකස් කර ඇති මෙම මේසය නම් කර ඇත්තේද ඒ හා ගැළපෙන යෙදුමක් භාවිතා කරමිනි. එය 'ඩෝසින් ඩෙස්ක්' ලෙස හැඳින්වෙන අතර එහි සිංහල අරුත කිරා වැටෙන් මේසය යන්නයි.


මෙම මේසයේ මතුපිට අංශක 360 දක්වා කරකැවිය හැකි අතර කකුල්ද විවිධාකාරයෙන් නැමිය හැකි ලෙස සකස් කොට තිබේ. ඒ අනුව එය කුඩා කෑම මේසයක් ලෙස සකස් කොට වෙනත් අවශ්‍යතා සඳහාද භාවිතා කළ හැක.


මෙම මස වෙළඳ පළට එක් කිරීමට නියමිත මෙම මේසය මිලෙන් ඇමෙරිකානු ඩොලර් 90ක් වේ.


No comments:

Powered by Blogger.