Xiaomi Mi 4: $322 කට Xiaomi සමාගමෙන් අපූරු Android Smartphone එකක්

චීනයේ ජංගම දුරකථන නිෂ්පාදන සමාගමක් වන Xiaomi විසින් ඔවුන්ගේ නවතම Smartphone එක “Mi 4″ නමින් අද වෙළදපලට හදුන්වාදෙනු ලැබුවා. 2.5GHz Qualcomm Snapdragon 801 quad-core processor එකකින් හා 3GB RAM එකකින් බලගැන්වෙන මෙම Xiaomi Mi 4 Smartphone එක ඔබ අතට පැමිණෙන්නේ අගල් 5ක Full HD Display screen එකක්, 16GB/ 64GB Storage එකක්, 3080mAh බැටරියක්, 13MP පසුපස කැමරාවක් හා 8MP ඉදිරිපස කැමරාවක් සමගයි.

4G LTE සහය දක්වන Xiaomi සමාගමේ ප්‍රථම ස්මාර්ට්ෆෝනය මෙය වන අතර water resistance වැනි ටහ්වත් අමතර විශේෂාංග රැසකින් එය සමන්විතයි. ඒවගේම Xiaomi Mi 4 හි පසුපස කවරය පහසුවෙන් ඔබට අවශ්‍ය පරිදි වෙනස් කරගැනීමටත් Xiaomi සමාගම ඉඩකඩ සලසා දී තිබෙනවා. Xiaomi පවසන පරදී wooden, fabric, හා leather back cover ඔබට අවශ්‍යනම් වෙනමම මිලදීගත හැකියි.




Android 4.4 KitKat මෙහෙයුම් පද්දතිය ක්‍රියාත්මක වන මෙම නවතම Xiaomi Mi 4 Smartphone එකේ 16GB model එක US$ 322 ට හා 64GB model එක US$ 400 කට මිලදීගත හැකියි. මීට අමතරව Xiaomi සමාගම Xiaomi Mi 4 සදහා නවතම Mi Band එකකුත් හදුන්වාදී තිබෙනවා. එය US$ 12 ක් වැනි මුදලකට ඔබට මිලදීගත හැකියි.
No comments:
Post a Comment