Ads Top

Aluth Hot News

ස්මා(ර්)ට් මාළු ටැංකියක්.







                     විසිතුරු මාළු ටැංකි විලාසිතාවේ නවතම පෙරළියක් ඇතිකරමින් AVO ලෙස හඳුන්වන ස්මාර්ට් මාළු ටැංකියක් ලබන වසරේ වෙළඳ පොළට පැමීණීමට නියමිතය. 

සාමාන්‍ය මාළු ටැංකි පරිහරණයයේදී කළයුතු දෑ අවම කරමින් පරිහරණය කරන පුද්ගලයන්ට පහසුව ඇතිවන සේ මේ නිර්මාණය කර තිබේ.

NOUX සමාගමේ නිර්මාතෘ " සුසී ශෙලී " විසින් වසර 4ක කාලයක් පුරා මෙම මාළු ටැංකිය නිර්මාණය කර තිබේ.

     නැවත නැවත ජලය පිරිසිදු කළයුතු නොවෙයි.    

                                  සාමාන්‍ය මාළු ටැංකියක, වැඩෙන පාසි හා මත්ස්‍ය අපද්‍රව්‍ය හේතුවෙන් සිදුවන අපිරිසිදු වීම් මෙහිදී සිදු නොවේ. මත්ස්‍ය අහාර කල්ගතවීමෙන් ටැංකියේ බැ‍ඳෙන වලාකුළු වැනි පාසි ස්ථරය නිසාමසුන්ට වන අපහසුතාවද මෙමගින් මග හැරී යයි.

     අහිතකර බැක්ටීරියා පාලනය.     

                                මෙය නිරන්තරයෙන් චලනය වීම නිසා ජලජ පරිසරය තුළ වැඩුණු පැරණි බැක්ටීරියා විනාශවීමෙන් අළුතින් බැක්ටීරියා හට ගැනීමට අවකාශ සාදයි.

       ජලජ ශාක තැටි.       

                       මෙහි ජලජ ශාක කුඩා තැටිවල රෝපණය කර ඇති අතර එවැනි තැටි 7ක් මෙහි ඇත. එමගින් වෙනත් ශාක අවශ්‍ය වූ විට අදාළ තැටිය පමණක් ඉවත්කිරීමෙන් නව ශාකයට ඉඩ සලසාගත හැකිවෙයි.

උෂ්ණ කලාපයට අයත් මසුන් වර්ග සඳහා මෙය නිර්මාණය කර ඇති අතර සෙන්ට්‍රිගේට් අංශක 27ක තරම් වෙනත් උෂ්ණත්වයක් මෙයට පවත්වාගත හැකි වේ.


      අහිතකර වායු ඉවත්කරයි.     

                        ඇමෝනියා හා නයිට්‍රිට් වැනි වායු ස්වභාවික ලෙස ජලයෙන් ඉවත් කර් දැමීමට මෙම මාළු ටැංකියට හැකියාව ඇත. මේ ස්ඳහා අලුත් ජලය මාරු කිරීමක් කළ යුතු නොවෙයි.


          නැවත නැවත ‍ෆිල්ටරය පිරිසිදු කළයුතු නොවේ.       
                                        මෙහ් ඇති තාක්ෂණය අනුව ස්වයංක්‍රීයවම ‍ෆිල්ටරය පිරිසිදු කරගනියි.



මුලින් ඇණවුම් කර ඇති ඇණවුම් සඳහා නැව් ගාස්තු සමග ඩොලර් 242ක මිලක් නියම කර ඇති අතර ලබන වසරේ ජූලි මාසයේ එම ඇණවුම් ලබාදීමට කටයුතු කරයි.


           බල්බ ආලෝකය.         

             මෙම ආලෝකය ජලජ ශාක ප්‍රභාසංශ්ලේෂණය කිරීමට මෙන්ම, ජලය පිරිසිදු කිරීමටද මෙය උපකාරී වෙයි.

      උදේට රතු, දහවල් සුදු, සවසට හා රාත්‍රියට නිල් පැහැයෙන්ද වර්ණ තුනකින් මෙය යුක්ත වේ.       

     මෙහි සිටින මාළුන්, ජලජ ශාක හා බැක්ටීරියාවන් විසින් මෙම ජලජ පරිසර පද්ධතිය සමතුලිත කිරීමට දායක වන බව මෙහි නිර්මාණ ශිල්පී සුසී පවසයි.
  
                                                  
            ලීටර් 15ක ධාරිතාවකින් යුක්තයි.      
                                                                           



කුඩා මත්ස්‍යයන් හා කූනිසන් වැනි ජලජ ජීවීන් මෙහි ඇති කළ හැකිය.




No comments:

Powered by Blogger.