Stupid Or Brilliant ? වාහන අතරින් රිංගා යන්න.
මාර්ග තදබදය හා පාපැදි මගින් සිදුවන අනතුරු දිනෙන් දින ඉහළ යයි. මීට විසඳුමක් ලෙස Biomimicry Student Design Challenge ව්‍යාපෘතියේ තෙවැනි ස්ථානය ලබාගත් Californiia State University හි Long Beach සිසුන් කණ්ඩායම විසින් මෙම පාපැදි උපාංගය නිර්මාණ කර තිබේ. එය " වයිබ්‍රීසී " නමින් හඳුන්වයි.
මෙම නිර්මාණශිල්පීන් පවසන්නේ පාපැදිකරුවන්ගේ තම අදහස හා ඔවුන්ගේ අවශ්‍යතාව අනුව මෙය ඉදිරියේදී තව දුරටත් සංවර්ධනය කරන බවයි.
තවද දහවල් කාලයේ මෙම පාරිදෘශ්‍ය නාල 4හි දෘශ්‍යවීම ගැන තවදුරටත් මොවුන් අවධානය යොමු කරන බව සඳහන් වෙයි.

බළලුන් හා මීයන්ගේ ඇති රැවුලේ පිහිටීම උපයෝගීකරගෙන Biomimicry Student Design Challenge ව්‍යාපෘතියේ නිර්මාණශීල්පීන් විසින් මෙම " වයිබ්‍රීසී " නම් උපකරණය නිර්මාණය කර තිබේ.
මෙය නම්‍යශීලී බවකින් යුක්ත වන නිසා වාහන අතරින් ගමන් කිරීමේදී පහසුවෙන් හැකිලීමට හැකි වෙයි.
මෙම නිර්මාණශිල්පීන් පවසන්නේ පාපැදිකරුවන්ගේ තම අදහස හා ඔවුන්ගේ අවශ්‍යතාව අනුව මෙය ඉදිරියේදී තව දුරටත් සංවර්ධනය කරන බවයි.
තවද දහවල් කාලයේ මෙම පාරිදෘශ්‍ය නාල 4හි දෘශ්‍යවීම ගැන තවදුරටත් මොවුන් අවධානය යොමු කරන බව සඳහන් වෙයි.
- නම්‍යශීලී කේබල් 4කින් මෙම උපකරණය සංයුක්ත වෙයි.
- මෙම කේබලය එනම් පාරදෘෂ්‍ය නාලය වළලු ආකාර හා ඉරී ආකාර ආලෝකය විමොචනය කරයි.
- මෙහි විවිධ වර්ණ නිකුත්කිරීමේ හැකියාවන් පවතී. එම වර්ණයන්ට විවිධ රටා ඔස්සේ ගමන් කරන සේ සකස් කළ හැකිය.

Ctenophores ජෙලි ෆිෂ් මත්ස්‍ය විශේෂයෙහි දක්නට ඇති ශරීරයේ ආලෝක මවන රේඛා පදනම් කර ගනිමින් මෙම උපකරණයේ ආලෝක වර්ණයන් හා රටා නිර්මාණ කර තිබේ.
පාපැදියේ ඉදිරිපසට මෙය සවිකරයි.
මෙම වර්ණයන් පාපැදියේ සංඥා ලාම්පු ලෙස ක්‍රියා කළ හැක. එම නිසා වංගු හැර්වීමේදී බොහෝ සේ උපකාරී වෙයි.


![]() |
Industrial Mimicry නමින් හඳුන්වන මෙම නිර්මාණය සිදු කළ කණ්ඩායම. |
- ඩේවිඩ් ටෙවුබ්නර්ගේ මගපෙන්වීම යටතේ මෙය නිර්මණය කර ඇත.

- පරිසරයේ ඇති විවිධ දේ මගින් මෙම නිර්මාණයට මූලික අදහස ගෙන තිබේ.
- මෙම කේබලය හැඬලය මත ඇති ස්විචය මගින් පාලනය කළ හැකි වෙයි.
සැබෑ ලෝකය තුළ දක්නට ලැබෙන ප්‍රශ්න විසඳීමට Biomimicry 3.8 ආයතනය විසින් Student Design Challenge ව්‍යාපෘතියට පහසුකම් සපයයි. ලොව වටා සිටින සිසුන්ට මේ සඳහා සහභාගී විය හැකි අතර, සහතිකපත්‍ර හා උපාධි මට්ටමෙන් මේ සඳහා සිසුන් බඳවා ගනී. කණ්ඩායමකට 2 සිට 6 දක්වා සිසුන් සංඛ්‍යාවක් ඇතුළත් වන අතර Biomimicry සංකල්පයක් අනුව නිර්මාණ ගොඩනැගිය යුතු වෙනවා.
No comments:
Post a Comment