Ads Top

Aluth Hot News

ඇඟිල්ලේ පලඳින අළුත් හෑන්ඩ්ස් ‍ෆ්‍රී ( Hand Free )





                                                ව තාක්ෂණය හා බද්ධ වෙමින් නවීන තාක්ෂණික උපාංග නිර්මාණය ඒඉම මේ වන්විට  බොහෝ සේ ජනප්‍රිය වී තිබේ. තාක්ෂණයේ හිනි පෙත්තටම යමින් සිටින ස්මාර්ට්ෆෝන් පදනම් කර ගනිමින් මෙම තාක්ෂණික උපාංග නිර්මාණය කිරීමට බොහෝ නිර්මාණ ශිල්පීහු උනන්දුවක් දක්වති.

මක්නිසාද ස්මාට්ෆෝන් තරුණ තරුණියන්ගේ මෙන්ම වාණිජ ‍රැල්ලටද පහසුවෙන් නැඹුරු වී ඇති නිසාය. එසේ නිර්මාණය වන උපාංග අතරින් " ඉසාම් ට්‍රැබෙල්සි " ගේ සංකල්පයක් වූ Nokia Fit නමින් හඳුන්වන තාක්ෂණික උපාංගය යථාර්ථයක් වීමට නියමිතය.

Nokia Fit උපාංගය ‍රැහැන්රහිත තම ඇඟිල්ලෙහි රඳවන කුඩා උපකරණයකි. මෙය Hand Free උපාංගයක් නවමු දිශාවකට හැරවීමේදී ආරම්භයද වනු ඇතැයි බොහෝ පිරිස් අනුමණ කරයි. මෙයින් දුරකථන ඇමතුම් හා සම්බන්ධවීමටද කෙටිපණිවුඩ (SMS) පැමිණිවිට දැනුම්දීම් හැකියාව ද පවතී.

  •         ජලය කාන්දු නොවේ        

  •         මෘදු සිලිකන් හා නම්‍යශීලී රබර්වලින් නිර්මාණය කර තිබේ.      

  •          බ්ලූටූත් තාක්ෂණය මගින් ක්‍රියා කරයි.         

  •       මෙය ඇඟිල්ලෙහි පැළඳූ විට අඟිල්ලෙන් ලිස්සා නොයයි.         

  •         මෘදු සිලිකන් හා නම්‍යශීලී රබර්වලින් නිර්මාණය කර තිබේ.         



             මෙය ප්‍රධාන වශයෙන් කොටස් 3කින් යුක්ත වේ.            

 
කොළ පැහැති බොත්තම සහිත ප්‍රදේශය ස්පීකරයකින් යුක්ත වෙයි. පැමිණෙන ඇමතුම් ලබාගැනීමේ හැකියාවන් එහිදී පවතී.


 
රතු පැහැති බොත්තම සහිත ප්‍රදේශය මයික්‍රෝෆෝනයකින් යුක්ත අතර ඇමතුම විසන්ධි කිරීමට හැකියාව එහිදී ලැබේ.

 
Notification ප්‍රදේශය miscall, නොකියූ කෙටිපණිවුඩ පිළිබඳව LED බල්බයක් මගින් දර්ශණය කරන අතර Vibration එකක්ද නිකුත් වේ.


                 මෙසේ පළඳින තාක්ෂණික උපාංග මීට පෙර Samsung හා Motorola සමාගම නිර්මාණය කර තිබුනා. මෙම පළඳින තාක්ෂණික උපාංග පිළිබඳව වැඩි කතාබහක් ඇති වන්නේ Google Android නිර්මාණය වීමෙන් අන්තුරුවය. Google Android නිසා තාක්ෂණය වෙනත් අතකට දිව ගියේය.මෑතකාලයේදී නිර්මාණය වූ Samsung Galaxy Gear උපාංග දෙසට  බොහෝදෙනාගේ අවධානය යොමු විය. මේ වන විට සමාගම මෙම පළඳින තාක්ෂණික උපාංග නිර්මාණය අතින් ඉදිරියෙන් සිටින සමාගමකි.


 
තවද මෙය පැළඳි පසු පැළඳි පුද්ගලයාගේ අධිරුධිර පීඩනය, ආතති තත්වය පිළිබඳ තොරතුරුද ලබාගත හැකි සේ නිර්මාණය කිරීමට නියමිත බව නිර්මාණශිල්පීන්ගේ අදහසයි.

No comments:

Powered by Blogger.