Ads Top

Aluth Hot News

විද්‍යුත් බලයෙන් ක්‍රියා කරන ස්කූටරයක්.




ටෙරා මෝටර් රථ සමාගම විසින් නිර්මාණය කළ A4000i ලෙස සඳුන්වන ස්කූටරය විද්‍යුත් බලයෙන් ක්‍රියා කරයි.  මෙය අන් ස්කූටර්වලට  වඩා බොහෝ සේ වෙනස්වන කරුණු කිහිපයකින් යුක්ත වේ.

 
     උපරිම වේගය පැයට කිලෝමීටර් 60කි.      

මෙහි විශේෂිතම අංගය වන්නේ ඔබේ ස්මාර්ට්  ජංගම දුරකථනය හා මෙය සම්බන්ධ වීමයි.ආසියානු වෙළඳ පොළ සඳහා ඇමරිකානු ඩොලර් 4,500කට අලෙවි කිරීමට නියමිතයි.

                            පාන සමාගමක් වන මෙම ටෙරා මෝටර්රථ සමාගම පවසන්නේස්මාර්ට් ෆෝන් සමග සම්බන්ධවන මුල්ම මෝටර්සයිකලය මෙය බවය.2015 දී වෙළඳපොළට හඳුන්වාදීමට නියමිත අතර ලබන වසර අගවන විට ලොවපුරා මෙම ස්කූටර් මෝටර්සයිකල් 100,000ක් විකිණීමට නියමිතය.

      මෙය එක් ආරෝපණයකදී කිලෝමීටර් 65ක් ( සැතපුම් 40ක් ) ගමන් කළ හැකිය.      


       

                මෙහි ඇති තවත් විශේෂත්වයක් නම්  මෙහි බැටරිය පරිහරණය කරන්නාට පහසුවෙන් ගැලවීමට හා ගෙනයාමට හැකිවීමයි.එම බැටරිය සම්පූර්ණයෙන්ම ආරෝපණය වීමට පැය 4.5ක් ගත වේ.බෑවුම් ස්ථානයකදී මෙහි වේගය ශීග්‍රයෙන් වැඩිවන ලෙස නිර්මාණය කර තිබේ.
 

 ඇපල් අයිෆෝන් 3G, 3GS, 4, 4S   හා 5 යන මාදිලි සඳහා පමණක් මෙම ස්කූටරයට අනුකූල වේ. 



එම ස්මාර්ට්ෆෝනය මගින් මෝටර් සයිකලය සතු,
  • විද්‍යුත් ක්ෂයවන ප්‍රමාණය.
  • බැටරි ආයුකාලය.
  • වේගය හා ගමන් ගන්නා සැතපුම් ගණන
  • ගමන් මග පෙන්වන මාර්ග සටහන් ( GPS )
 ආදිය පෙන්වනු ලබයි.
                      මෙසේ සම්බන්ධය ගොඩනැගෙන්නේ ‍රැහන් රහිත එනම් තාකෂණය හරහා වීම මෙහි විශේෂත්වයයි. ස්මාර්ට්ෆෝනය රඳවන්යකින් යුත් මෙම ස්කූටරයේ දෙදෙනෙකුට ගමන් කිරීමේ හැකියාවක් පවතී.
 

නිල් හා     සුදු       පැහැයෙන් මෙම A4000i ලෙස හඳුන්වන ස්කූටරය වර්ණ ගැන්වෙයි.
 
සාමාන්‍ය බැටරියක් කිලෝමීටර් 10,000ක්ද භාවිතා කරන අත්‍ර මෙම "ටෙරා බැටරිය  " කිලෝමීටර් 50,000ක් පමණ දුරක් දක්වා යයි.




No comments:

Powered by Blogger.