Stackables - Layered Textures and Effects

වර්තමායේ ඔයාලගේ අයිෆෝනය නැත්නම්
අයි පෑඩයෙන් සම්පූර්ණයෙන්ම වෙනස් ආකාරයෙ හැඟීමක් ජනිත කරවන කැමරා හෝ ඡායාරූප
සංස්කරණ යෙදුම් වගේම ඉෆෙක්ට් ඇතිරුම් හා මිශ්‍ර කිරීමේ යෙදුම් ඉහළ ජනප්‍රියත්වයක් අත්කරගෙන තියෙනවා. Stackables ලෙසින් හඳුන්වන්නේද ප්‍රකට ඡායාරූප
ශිල්පියෙකු වන Dirk
Wuestenhagen විසින් විශිෂ්ට ලෙසින් නිර්මාණය කළ ඉෆෙක්ට්ස් 200කට අධික ප්‍රමාණයක් ඇති යෙදුමක්. ඒක
වර්තමානයේ තියෙන ඉෆෙක්ට්ස් ඇතුරුම් යෙදුම් අතර වඩාත්ම විශිෂ්ට තත්වය හා වඩාත් විස්තීර්ණ යෙදුම ලෙස සම්මනයටද පත් වෙලා තියෙනවා.
ඒ වගේම ඉන් ඡායරූපයට සම්පූර්ණයෙන්ම
වෙනස්, එහෙත්
සුවිශිෂ්ට හැඟීමක් ලබාදෙන්නට පුළුවන් හැකියාවක් එහි තියෙන බව ගොඩ දෙනෙක්ගෙ මතයයි.
ඔබට Stackables සමගින් වෙනත් කිසිදු සංස්කරණ යෙදුමක
නොමැති ආකාරයේ ඡායාරූප ඉෆෙක්ට්ස් 200කට
අධික ප්‍රමාණයක් සහ වෘතිය මට්ටමේ ඡායාරූප සංස්කරණ උපකරණ මෙවලම් 20කට අධික ප්‍රමාණයක් පරිශීලනයට
ලැබෙනු ඇත. එසේම මෙහිදී එක් ඡායරූපයක් වෙතට ඔයාලට කැමති තරම් ලේයර් එක්කර ගත හැකි වෙනවා. තවද ඕනෑම ආකාරයකට ඒවා සංස්කරණය කිරීමේ හැකියාවද
ලබාදෙනු ඇත. එසේම ඔයාලට ඡායාරූපය තුළ මිශ්‍ර කිරීම් කල හැකි අතර ඒවා
වර්ග 18ක්
තියෙනවා.
මේ හැරෙන්නට පෙර සැකසුම් 30ක පමණ ප්‍රමාණයක්ද මේ සමගින් ඔයාලට
ලැබෙන අතර, ඔයාලගෙ
උවමනාව පරිදි කළ සංස්කරණද අනාගත ප්‍රයෝජනය සඳහා පෙර සැකසුම් ලෙසින් සුරක්ෂිත කර
තැබීමට හැකියාව පවතී.මෙය සාමාන්‍යයෙන් මුදල් ගෙවා ලබාගත යුතු යෙදුමක් වුවත්, ඔබට කෙටි කාලයක් සඳහා iTunes ඔස්සේ මෙය නොමිලේ ඩවුන්ලෝඩ් කර
ගැනීමටද හැකියාව තියෙනවා.


Apple.comඇසුරින් සකසන ලදී.
No comments:
Post a Comment