Ads Top

Aluth Hot News

Camera 51 - ස්මාර්ට් ෆෝනයට ස්මාට් කැමරාවක්

              ඔයාලගෙ ස්මාර්ට් ෆෝනය Jelly Bean, Kitkat හෝ Lolipop වැනි කුමන Android මෙහෙයුම් පද්ධතියකින් බලගැන්වුවද ඒ සමගින් දියුණු කැමරා අත්දැකීමක් ඔබට ලබාදෙයි. නමුත් එම තත්ත්වය තුළ සිදුකළ නොහැකි කැමරා ක්‍රියාකාරකම් ඇති බවද එහිදී ඔබට වැටහෙනු ඇත.
    එහෙත් මේ අඩුපාඩු යම්තාක් දුරකට  සමනය කර ගැනීමට නොයෙකුත් විකල්ප කැමරා යෙදුම් Google Play හරහා බාගත කර බැලිය හැකි නමුත්, එහිදී විවිධ අංශ වෙනුවෙන් විවිධ කැමරා භාවිතා කිරීමට සිදුවීමත්, බොහෝ යෙදුම් මිලදී ගත යුතු ඒවා වීමත් නිසා Android පරිශීලකයන් අපහසුතාවයට පත්ව සිටිනව. ඉතින් ඒකට පිලියමක් විදිඅට හඳුන්වාදෙන Camera 51 යෙදුම තුළින් ඔයාලට බොහෝ දේ එකවර සිදුකළ හැකි කැමරා අත්දැකීමක් ලබාදෙනවා. එය ස්වයංක්‍රීයව මුහුණු, දර්ශන, වස්තූන් හඳුනාගෙන නිවැරදිව ග්‍රහණය කරගන්නා වූ ඡායාරූපයකට ඔබට සීමාමායිම් සලසා දෙනව.



  •     Auto Framing / Auto Composition Object : ප්‍රධාන වස්තුව ස්වයංක්‍රීයව ‍තෝරාගෙන දළ රේඛා සටහන් හරහා රූපයේ තුලනය කිරීම් දක්වයි.
  •     Perfect Selfie : ඉදිරිපස කැමරාවෙන් සෙල්ෆී ඡායාරූපයක් ගන්නා විට ඔයාලගේ මුහුණේ ඇති ගුණාත්මක ඉරියව්ව ග්‍රහණය කර ගනියි.
  •     Manual Object Selection : තිරය මත තේරීමෙන් ප්‍රධාන වස්තුව දැක්වීමටද හැකියාව ඇත. එය කාච විවරය, නාභිගත කිරීම මෙන්ම දළ රේඛා සටහනද උපකාරී වෙනව.
  •     Multi Object Selection : එක ඡායාරූපයකට ප්‍රධාන වස්තු 3ක් දක්වා තේරීමට අවස්ථාව ලබා දෙනවා.
  •     Peripheral Object Alert : ඔයාලගෙ රූපයේ රාමු සමග ගැටිය හැකි බාහිර වස්තූන් පිළිබඳව මෙම තාක්ෂණය හරහා අවධානය යොමු කරයි.









ඇප් එක මෙතනින් බාගන්නකො.
මේ පිළිබඳ වීඩියෝවක්ද නිකුත් වෙල තියෙනව්.

No comments:

Powered by Blogger.