Ads Top

Aluth Hot News

Facebook App on the Changing Face of the Score.

බොහෝ ඇන්ඩ්‍රොයිඩ් පාරිභෝගිකයන් කියන විදියට අලුත් ඇන්ඩ්‍රොයිඩ් සංස්කරණවල අතුරු මුහුණත්වලට ගැළපෙන පරිදි ඇප් එකෙහි මුහුණුවර වෙනස් කිරීම අතින් Facebook පසුවන්නේ අනික් ඇප් වලට වඩා ඉතාමත් පි‍ටුපසින්. ඒත්, මේ වනවිට සමහර Facebook App භාවිතා කරන්නන්ට අලුත් අතුරු මුහුණතක් ලැබී තිබෙනු දැකගත හැකිය. මේ Facebook App එක සිය මුහුණුවර වෙනස්කිරීමට යන බවට යම් ඉඟියකි.


       නව අතුරු මුහුණතෙහි දක්නට ලැබෙන නවතම අංගයක් වන්නේ Floating Action Buttons දැකගත හැකි වීමයි. මේ අනුව තිරයේ පහළ තිබූ New Post Bar එක ඉවත් වන අතර, එම කාර්යය Action Buttons වෙත පවරා තිබේ. මෙය තිරයේ ඉඩකඩ වඩා හොඳින් භාවිත කිරීමට ගත් උත්සහයක් ලෙසද හැඳින්විය හැකිය. Material Ul සංකල්පයේ යම් ලක්ෂණ නව තුරු මුහුණතෙහි දක්නට ලැබුණස්ත්, බොහෝ දෙනෙක් පවසන්නේ මෙය සම්පූර්ණයෙන්ම Materil Ul  එකකට යාමක් නොවන බවයි. මෙය Facebook Servers වල සිදුවන වෙනස්කම නිසා නව APK එකක් Download කර ස්ථාපනය කිරීමට අවශ්‍ය නැත. ඉදිරී දිනවලදී මෙම නව වෙනස ඔබේ ඇප් එකටත් ඉබේම සිදු වී තිබෙන අයුරු දැකගත හැකිය
                       ඇප් එක නැත්නම් මෙතනින් ගන්නකෝ

No comments:

Powered by Blogger.