අපේ ලංකාවේ ජනප්‍රියම Linux OS එක

හන්තාන කියන්නේ ලැප්ටොප් හා ඩෙස්ක්ටොප් පරිගණක උදෙසා ලිනක්ස් ( Linux ) උපයෝගී කරගනිමින්, Fedora සම්මිශ්‍රණය කරමින් නිපදවූ මෙහෙයුම් පද්ධතියක්. සාමාන්‍ය PC එනම් i386 සහ x86_64 අකෘති වර්ගයේ පරිගණක සඳහා සැකසූ සජීව තැටියක (Live DVD) ස්වරූපයෙන් හන්තාන ඔබ වෙත එන්නේ. දෘඪ තැටියෙහි ස්ථාපනය කිරීමට පළමු ව ඔබට කෙලින් ම මේ සජීව තැටිය මගින්, මෙම මෙහෙයුම් පද්ධතියේ සියලු පහසුකම් ක්‍රියාත්මක කර පිරික්සා බැලීමට පුළුවන්.
![]() |
Login Screen |
Fedora වෙතින් ලැබෙන සියලු විශේෂ පහසුකම්වලින් සමන්විත හන්තාන, ඊට අමතර බහුමාධ්‍ය කේතක ගණනාවක් ද, එදිනෙදා භාවිතයට අවශ්‍ය යෙදුම් විශාල ප්‍රමාණයක් පෙරනිමියෙන් ම ඇතුළත් කරගනී. සැකෙවින් කියතොත්, හන්තාන ස්ථාපනය කළ සැණෙකින් ඔබේ කාර්යාලයීය, බහුමාධ්‍ය, ග්‍රැෆික්, අධ්‍යාපනික හා විනෝදාත්මක යන සියලු අංශවල අවශ්‍යතා සපුරාලීමෙයි සමත් වෙයි!
හන්තාන ඔබ අතට පත් වනුයේ සපුරා ම නොමිලේ හා නිදහස් ව බැවින් එය පිටපත් කිරීමට හා අන්‍යයන් සමග බෙදාහදාගැනීමට ඔබට සම්පූර්ණ නිදහස හිමි වේ.
සොෆ්ට්වෙයා(ර්) එක මෙතනින් බාගන්නකො.
හන්තාන 15 වැඩතලය

හන්තාන 15 වැඩතලය
සොෆ්ට්වෙයා(ර්) එක ස්ථාපනය කරන ආකාරයත් බලන්නකො.
No comments:
Post a Comment