Ads Top

Aluth Hot News

Kano - The Computer anyone can make


                                                     ළමයින් වෙනුවෙන්ම නිර්මාණය කරන ලද පරිගණකයක් මේ දවස් වල ලොව පුරාම ජනප්‍රිය වෙමින් තියෙනව. බ්‍රිතාන්‍යයේ කානෝ කියන සමාගම විසින් නිෂ්පාදනය කරන මේ කානෝ (Kano)පරිගණකයයි. මේ කානෝ කියන පරිගණකය සම්ප්‍රදායික පරිගණකයක් නෙවෙයි. එය ළමයින්ට එකලැස් කරගැනීමට පුලුවන් විදිහෙ ( Build - Your - own ) ඉදිරිපත් කෙරන උපාංග කට්ටලයකි. 2013 වසරේ විකිණීම පටන් ගත්ත කානෝ පරිගණක කට්ටල 40000ක් පමණ මේ වන විට ලොව පුරා විකුණා තියෙනව. මෙම කොම්පියුටර් කිට් එක ( KANO Computer Kit ) කානෝ වෙබ් අඩවිය (www.kano.me ) හරහා ඇනවුම් කර ලොව කුමන රටක සිටින අයෙක් වුවත් ලබා ගන්න හැකියාව තියෙනව. කානෝ පරිගණකය ලැබෙන්නේ මොනිටරයක් නොමැතිවයි. ඒ එය එකලස් කර ගත්තට පස්සෙ ඔබට ඕනෑම මොනිටරයකට සම්බන්ධ කර ගන්න පුළුවන්. මේ කුඩා පරිගණකය ඉතා බල සම්පන්න එකක් කිව්වොත් හරි.


             පරිගණකයේ මවුපුවරුව රාස්බෙරි පයි 2 ( Raspberry Pi 2 ) එකකි. එහි ‍රැම් මතකය ගිගාබයිට් 1 ( 1GB ) කි. ඒ ආර් එම් ක්වඩ්කෝ ප්‍රොසෙසරයකින් ( 900 MHz quad - ARM Cortex - A7 ) පණ ලබයි. පරිගණකය එකලැස් කර ගැනීමෙන් පස්සෙ එය මොනිටරයකට  සම්බන්ධ කරන්නට HDMI කේබලය සවි කළ හැකි පෝට් එකක් තියෙනව. ඒ වගේම විදුලිය සපයන්නට වෙනම කේබලයක්ද වෙනව. මේ මවු පුවරුවට සම්බන්ධ කළ හැකි ස්පීකරය ළමයාට එකලැස් කර ගැනීමට  පුලුවන් විදියට කොටස් වශයෙන් සපයයි.



  • SD කාඩ් එකක් ( Sandisk Ultra, 8GB Class 10 ) තියෙනව. කානෝ පරිගණක මෙහෙයුම් පද්ධතිය තියෙන්නෙ මෙහිය. ඒ වගේම ළමයාගේ වැඩ රඳවා තබා ගත යුත්තේද මෙහිය. පරිගණකය Wi - Fi සබඳතා ලබා ගැනීමට පුලුවන්. ඒක නිසා Wi - Fi මඟින් ක්‍රියාත්මක වෙන අමතර උපකරණ සමග වැඩ කිරීමට පුලුවන්.
  • යතුරු පුවරුව සරලය. මෙය බ්ලූටූත් මගින් ක්‍රියාතමක වෙනව. තව ටච් පෑඩ් එකක්ද තියෙනව පරිගණක ක්‍රීඩා කලහැකි වෙනව. මේ සියල්ල එකලැස් කරගත්තට පසු එය අසුරා තබන්නට දෙපස පෙනෙන හෙවත් පාරදෘශ්‍ය ප්ලාස්ටික් ආවරණයක් සපයයි.
  • කානෝ පෛගණක කට්ටලය එකලැස් කර ගන්න දෙන මැනුවල් එක සාම්ප්‍රදායික මැනුවලයක් නොවේ. පරිගණකය එකලැස් කරගෙන වැඩ කිරීම දක්වා දේ මෙහි ඉදිරිපත් කර ඇත්තේ කාතාන්දරයක් ආකාරයටය. කතාවෙන් වැඩ කරන ළමයාට අවසානයේ හොඳ පරිගණකයක් ලැබේ.
  • කානෝ පරිගණකයේ මෙයුම් පද්ධතිය තුළින් විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කර ගන්නට කේත ලිවිය යුතුය. ළමයා ඒවා සොයා ලියා වැඩ කර ගැනීමට උගනී.
 
                                    මෙම පරිගණකය භාවිතා කරන දරුවා, පරිගණකයක් යනු  හුදෙක් ඉලෙක්ට්‍රොනික් හා ඉලෙක්ට්‍රික් උපාංගයක් පමණක් බව කුඩා කල සිටම අවබෝධ කර ගනී. තාක්ෂණික දැනුමෙන් දරුවන් සන්නද්ධ කිරීමටත්, ඒ වගේම නව පරිගණක නිර්මාණ කිරීමේ අදහස ළපටි ළමා සිත් වලට කිඳා බැස්සවීමටත් මේ අවබෝධය ගොඩක් වටිනව අනෙක් අතට  පරිගණකයෙන් තමන්ට අවශ්‍ය වැඩ කරගන්නට වැඩසටහන් සැකසිය යුතු බවත් ඒවා කරන ආකාරය ගැනත් ළමයා ඉගෙන ගනී. නව පරිගණක වැඩසටහන් නිර්මාණය කර අලුත් අලුත් වැඩ කරගන්නට හැකිය යන්න දරුවාට කාවද්දන්නට කානෝ පරිගණකය තරම් සමත්කම් දක්ව්න තවත් උපාංගයක් නැති බව බොහෝ තාක්ෂණික විචාරකයෝ පවසයි.

    කානෝ පරිගණකය එකලැස් කරගන්න ආකාරය පහල වීඩියෝවෙන් බලන්න.

    ORDER කරනවනම් මෙතනින් යන්න.

    No comments:

    Powered by Blogger.