මාර්ග තදබදයට විසඳුම - Skytran

ස්කයිට්රෙන්හි ප්‍රධාන තාක්ෂණික නිලධාරියෙකු වන ජෝන් කොලී පවසන්නේ මෙය " නවීනත්වයෙන් යුත් මීළඟ ස්වයංක්‍රීය සංක්‍රාන්තිය " බවයි. තවද, " ප්‍රවාහනය තම ජීවිතයෙන් ඈත් වේවි. එය ස්වංක්‍රීයව යම්කිසි දෙයක් සිදුවෙනවා වගේ සිදුවේවි " යැයි ඔහු පවසයි.

මෙම කුඩා යානා පවුම් 300ක පමණ බරකින් එනම් කි.ග්‍රෑම් 140ක් පමණ බරකින් යුක්ත වනු ඇති බව ජෝන් කෙලී පවසනවා. මෙය අද පවතින හයිබ්‍රිඩ් මෝටර් රථ මෙන් විද්‍යුත් බලයෙන් ක්‍රියා කරනු ඇත. මෙහි නිර්මාණ ශිල්පීන් යුරෝපීය රටවල් වගේම ආසියාතික රටවල් වලද ව්‍යාප්ත කිරීමට බලාපොරොත්තු වෙනව.
මීටර් 400ක පමණ දුරක් මෙම වසර අගවනවිට සාදා නිමකිරීමට සැලසුම් කර තියෙනව. තවද Tel Aviv ආශ්‍රිතව කිලෝමීටර් 20ක දුඅරක් වසර තුනක් ඇතුළත ඉදිකිරීමට සහතික කර ඇත. මෙම පථය ඉදිකිරීම සඳහා එක් සැතපුමකට ඩොලර් මිලියන 10ක මුදලක් වැයවන බව ගණන් බලා තිබේ. තවද මේ යානා වෙත නැගීමට හා යානාවලින් බැසීමට නැවතුම් මධ්‍යස්ථාන ඉදිකරනු ඇත.
මෙය ධාවන පථකිහිපයකින් යුක්ත වනු ඇති අතර යානාවල වේගය අනුව එම පථ වෙන්වෙනවා. ඉතින් මේ වගේම වේගවත්ම යානයට ඉහළම පථය වෙන්වෙනවා.
ලෝහ ගමන් පථය හා මෙම යානාව චුම්භක බලයකින් සම්බන්ධවීම නිසා ඝර්ෂණයකින් තොර වෙයි. එයින් වැඩි වේගයන් ලබාගැනීමට හැකි වෙයි. ඉතින් මේකට පැයට සැතපුම් 240ක පමණ වේගයකින් ගමන් කිරීමේ හැකියාවද පවතිනවා.

අනාගතයේදී තම ස්මාට්ජංගම දුරකථනය හරහා ගමන් වාර සඳහා වේලාවන්ද වෙනකර ගැනීමේ හැකියාවක්ද උදාවනු ඇත මෙහිදී මුදල් ගෙවීම සඳහා විශේෂ කාඩ්පතක්ද හඳුන්වා දීමට නියමිතයි.

මෙහි ගමන් කිරීමේදී කිසිදු ශබ්ධයක් ඇති නොවේ.
No comments:
Post a Comment