Ads Top

Aluth Hot News

Android හා iOS මෙහෙයුම් පද්ධතිවලට අභියෝගයක් වන මෙහෙයුම් පද්ධතියක්.

           ඇපල් සමාගමේ iOS, ගූගල් සමාගමේ Android හා මයික්‍රොසොෆ්ට් සමාගමේ Windows යනු ලෝකයේ ඉහළ තත්වයේ වැජබෙන මෙහෙයුම් පද්ධති වෙනවා. 2013 වසරේ 55%ක් ලබාගනිමින් ප්‍රථම ස්ථානයේ සිටි iOS ද, 34%ක් ලබාගනිමින් දෙවැනි ස්ථානයේද සිටි Android මෙහෙයුම් පද්ධති පසුගිය වසරේදී විශාල වෙනසකට මුහුණ දුන්නා. 2014 වසර අවසානය වන විට  Android 47.67%ක්ද, iOS මෙහෙයුම් පද්ධතිය 43.86ක් ලෙස පරිහරණය අතින්ද අනෙකුත් මෙහෙයුම් පද්ධතිවලට වඩා ඉදිරියෙන් ඉන්නව. Android මෙහෙයුම් පද්ධතිය, නොමිලේ ලබාදීම නිසා ඕපන්සෝස් වර්ගයේ මේහෙයුම් පද්ධතියක් වීම නිසාත් වේගයෙන් ලොව පුරා ව්‍යාප්ත වීමට හේතුව වෙලා තියෙනවා.

ප්‍රධාන වශයෙන් Android හා iOS මෙහෙයුම් පද්ධති දිත්වය සමග තරග කිරීමට තම්යි මේ නිර්මාණය කරල තියෙන්නේ මෙය නිර්මාණය කිරීමට " ෆූජි, හුවාවි, ඉන්ටෙල්, කේ.ටී. කෝපරේෂන්, NCE කැසියෝ ජංගම සන්නිවේදන ජාලය, NIT ඩොකෝමෝ, ඔරේන්ජ්, පැනසොනික් මොබයිල්, සැම්සුන්ග්, SK ටෙලිකොම්, ස්ප්‍රින්ට් කෝපරේෂන්, Mc Afee, වොඩාෆෝන් යන දැවැන්ත සමාගම් 26ක් පමණ එක්වී තිබේ.


    2013 වසරේ ඔක්තෝම්බර් මාසයේ සැම්සුන්ග් NX300M ස්මර්ට් කැමරාව මෙම Tizen මෙහෙයුම් පද්ධතිය යුක්ත වූ මුල්ම පාර්භෝගික භාණ්ඩය වෙයි. මේ කැමරාව පසුගිය මසයකදී දකුනු කොරියාවේ වෙළඳ පොලට නිකුත් කලා.

     ලිනක්ස් උපයෝගී කරගෙන තමයි මේක නිර්මාණය කරල තියෙන්නේ   


          2013 වසරේ ජූනි මාසයේදී නිවෙදනය කල පරිදි Tizen මෙහෙයුම් පද්ධතියෙන් යුක්ත වූ අඟල් 10 මුල්ම ටැබ්ලට් උපාංගයක්ද විශේෂිත සංවර්ධිත කට්ටලයක් යටතේ ජපාන වෙළඳ පොළට නිකුත් කරල තියෙනව. ඒ වගේම මේ මෙහෙයුම් පද්ධතියේ සිදුවන සියලුම යාවත්කාලීනයන් හා අනෙකුත් විශේෂාංග Tizen සංවර්ධනය කරන්නන්ගේ සමුළුවේදී අනාවරණය කරල තියෙනව.

සැම්සුන්ග් ජියර් 2 කිඅයන ස්මාර්ට් ඔරලෝසුව සමගද Tizen මෙහෙයුම් පද්ධතිය භාවිතා කර තියෙනවා. මේ ඔරලෝසුව මේ අවුරුද්දේ අප්‍රේල් මාසයේ එළිදැක්වීමට නියමිතයි.


සැම්සුන්ග් ZEQ 9000 ස්මාට් දුරකථනය සඳහා Tizen මෙහෙයුම් පද්ධතිය භාවිතය සඳහා  සැම්ම්සුන්ග් සමාගම බලාපොරොත්තු වුවද විවිධ හේතූන් මත මෙම ස්මාට්දුරකථනයේ කටයුතු කල්දැමීමට සිදු වී ඇත.


සැම්සුන් සමාගමේ Tizen මෙහෙයුම් පද්ධතිය මූලික කරගත් මුල්ම ස්මාට් දුරකථනය වන ' සැම්සුන්ග් Z1' ඉන්දියානු වෙළඳ පොළ සඳහා 2015 වසරේදී එළිදැක්වීමට නියමිතව තියෙනව මෙහි මෙහෙයුම් පද්ධතිය Tizen v2.3 උස 120.4mm,  පළල 63.2mm, ඝනකම 9.7mm, බර 112g ක පරිමාණ වලින් සමන්විත වෙනවා. ප්‍රොසෙසරය 1.2 GHz Dual Core,  මතක ධාරිතාව 4GB (Upto 64 GB) සහ පසුපස කැමරාව 3.MP / ඉදිරිපස කැමරාව VGA, ‍රැම් එක 768MB සමන්විත වෙනවා. මේ ස්මාට්ෆෝනය සිම් 2ක් භාවිතා කිරීමටද හැකියාව තියෙනවා.


Facebook, වට්ස්ඇප් වැනි ඇප් මෙම මෙහෙයුම් පද්ධතියට සහාය නොදක්වන අතර සැම්සුන්ග් සමාගම ඔවුන්ගේම ඇප්ස්  ඒ සඳහා නිර්මාණය කරයි. ගූගල් සමාගමේ අනෙකුත ඇප්ස් සාමාන්‍ය පරිදි ක්‍රියා කරනු ඇත. එහෙත් බොහෝ සේ ජනප්‍රිය ඇප්ස් සඳහා මෙම මෙහෙයුම් පද්ධතිය සහය නොදක්වයි. මෙම  මෙහෙයුම් පද්ධතිය සඳහා ඇප්ස් නිර්මාණය කිරීමට නිර්මාණ ශිල්පීන්ට ඇ.ඩො. මිලියන 4කට වැඩි මුදලක් ලබාදිමට බලාපොරොත්තු වෙයි.


බොහෝ අය කියන විදිහට මේ මෙහෙයුම් පද්ධතිය ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතියට ගොඩාක් සමාන බවයි. ඒත් මෙය සම්පූර්ණයෙන්ම වෙනස් වෙනස් කරපු මෙහෙයුම් පද්ධතිය බව තමයි නිෂ්පාදකයෝ කියන්නේ.

හොඳම ක්‍රීඩා ඇප් එක සඳහා ඩොලර් 200,000ක්ද, ක්‍රීඩා නොවන වෙනත් හොඳම ඇප් එකකට ඩොලර් 120,000ක්ද, HTML - 5 ආශ්‍රයෙන් සිදුකරන හොඳම ඇප් 10 සඳහා එකකට ඩොලර් 50,000 බැගින් ලබාදෙනු ඇත.

මෙම මෙහෙයුම් පද්ධතියේ Multi - Window View, Floating Browsers වැනි පහසුකම්වලින්ද සමන්විත වෙනවා. එක් වින්ඩෝවක් සඳහා සම්පූර්ණ තිරයම යොදාගනී. Multi - Window ආකාරයේදී නවතම LG උපාංග වල දක්නට ලැබෙන Q Slide විශේෂාංගය විදියට මෙය හැසිරෙයි.

No comments:

Powered by Blogger.