Ads Top

Aluth Hot News

මවු පදවිය අත්දැකි පියවරුන්.

                               කුසට දරුවෙක් පැමිණීමෙන් පසුව මවක් විඳින අනේක දුක් වේදනා  ගැන ඇය අසලින්ම හිඳ තේරුම් ගැනීමට හැකි වුවත්, පුරුෂයෙකුට එහි සැබෑ වේදනාව අත්දැකීමට අවස්ථාවක් ලැබෙන්නේ නෑ. මේ නිසාම, කාන්තාවන්ගේ අගය නොදන්නා ඇතැම් පුරුෂයන්, මවු පදවිය ලබන කාන්තාව නොයෙකුත් වදහිංසාවන්ට ලක්කරන කතා ගැනද අපට සමාජයේ අසන්නට දකින්නට ලැබෙනව. මෙ වගේ වටපිටාවක, මවක විදියට දරුවෙකු කුසතුල දරාගෙන සිටින අත්දැකීමේ සිට දරුවෙකු ප්‍රසූත කිරීමේ වෙදනාව දක්වා වූ සියලු අත්දැකීම් විවිධ තාක්ෂණික උපක්‍රම යොදාගෙන අත්විඳීමට බ්‍රිතාන්‍ය ජාතිකයන් තිදෙනෙකු ගත් උත්සහයක් පිළිබඳව අපූරු පුවතක් ඩේලි මේල් පුවත්පත ඇසුරෙන් දැන ගන්න ලැබුනා.

    
                                 ප්‍රකාශන ආයතනයක අධ්‍යක්ෂවරු තිදෙනෙකු වූ  ජේසන් බ්‍රැම්ලේ, ස්ටීව් හැන්සන් හා ජොනී බිගින්ස් කියන තුන්දෙනා තමයි ගැබිනියක විදියට කිලෝ 33ක් බර කෘතීම  උදරයක් එල්ලාගෙන, මාසයක කාලයක් ඒ උදරය සමග දිවිගෙවමින්, අවසාන ප්‍රසූතියේ වේදනාව නවවීන තාක්ෂණික ක්‍රමවේදයක් හරහා ශරීරයට ලබාදීල දරුවා ප්‍රසූත කරන අවස්ථාව දක්වා ඒ අසීරු අහ්දැකීම විඳ තිබුණා. සාමාන්‍යයෙන් පුරුෂයෙක්ට අත්විඳින්න නොලැබෙන මෙ සුවිශේෂී වූ අවස්ථාව සහිත අත්දැකීම කෘතීම විදියට හෝ ලබාගත් වයස අවුරුද්දක දරුවෙකුගේ පියෙකු වූ ජේසන්, මේ සියළු සිඳුවීම්වලින් පසුව පවසා සිටියේ තමාව කණපිට හැරවුණාක්මෙන් අත්දැකීමක් විඳි බවයි. එමෙන්ම, මේ කාලය පුරාවටම දරුගැබක් එල්ලාගෙන සිටීමෙන් තමන්ට දැනුණු වෙහෙස, හැඟුම්බර ස්භාවය සිහිපත් කළ ඔහු, වැඩිදුරටත් පවසා සිටියේ අවසානයේදී ප්‍රසූත වෙදනාව කෘතීමව අත්විඳීමට තමාගේ සියළුම ශක්තීන් වැයවුනා මෙන් හැඟීමක් ඇති වුනු බවයි.

    
               ඔවුන් තිදෙනාම පවසන්නේ මේ අත්දැකීමට මුහුණ දීමෙන් පසුව තම බිරින්දෑවරුන්ට තිබූ ආදරය පෙරටත් වඩා වැඩි වූ බවයි. එමෙන්ම, සමාජයේදී මවු පදවියට දැක්විය යුතු ගෞරවය හා සෙනෙහස පිළිබඳ අපූර්ව හඟීමක් සිත් තුළ ජනිත වූ බවද ඔවුන් සිහිපත් කරනවා.

No comments:

Powered by Blogger.