Ads Top

Aluth Hot News

IT Lessons 04

 
නූතන තොරතුරු ලෝකයේ පරිගණකයට හිමි ස්ථානය

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය (Information and Communication Technolagy - ICT)


                         අදවන විට ‍තෝරතුරු හා සන්නිවේදන තාක්ෂණය (ICT) දෛනික ජීවිතයේ වැදගත් සාධකයක් වී හමාරයි. බොහෝ මිනිස් ක්‍රියාකාරකම් දැන් තොරතුරු තාක්ෂණික විසඳුම් මගින් උපකාර ලබාගනී. මේකට හේතු වෙන්නෙ සත්‍ය ජීවන ගැටළු (real life problems) සඳහා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය ඉතා වේගයෙන් සහ ඵලදායී (effective) විසඳුම් ලබා දෙන නිසාවෙන්. මේ යුගයේ මිනිසුන් වැඩි අවශ්‍යතාවලින් පිරි සංකීර්ණ ජීවන රටා (life styles) අතර සිර වී ඇති බව පැහැදිලි වෙනව. මේ අවශ්‍යතා සඳහා ඉතා කඩිනම් විසඳුම් ලබා ගැනීමට තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය යොදා ගැනීම ඉතා යෝග්‍ය ය. එබැවින් වර්තමාන යුගය " තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ යුගය " ලෙස නම් කිරීම වඩාත ගැලපෙනවා.

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය යොදා ගන්නා අවස්ථා


    * බැංකු හා මූල්‍යකරණය (Banking and Accounting)
    * අධ්‍යාපනය (Education)
    * ආරක්ෂක කටයුතු (Security and Defence)
    * ප්‍රවාහනය (Transportation)
    * ඉංජිනේරු විද්‍යාව (Engineering)
    * විනෝදාස්වාදය (Entertainment)
    * වෛද්‍ය විද්‍යාව (Medicine)

                 ඉහත දක්වා ඇති ක්ෂේත්‍ර ඔස්සේ සමාජයට තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය මඟින් ඉ‍ටුවන සේවය සවිස්තරාතමකව අපි ඊලඟ පෝස්ට් එකෙන් කතා කරමු.

 අපගේ අනෙකුත් පාඩම් මාලාවන් හා සම්බන්ධ වෙන්න පහල ලින්ක් වලින් එන්න
IT Lesson 01
IT Lesson 02
IT Lesson 03
IT Lesson 05
IT Lesson 06

No comments:

Powered by Blogger.