Ads Top

Aluth Hot News

IT Lessons 03

තොරතුරු (Information)

       අමු දත්ත (raw data) සැකසීමෙන් ලබා ගන්නා අර්ථාන්විත (meaningful) දත්ත සඳහා " තොරතුරු " යන පදය භාවිතා වේ. මෙය පහත රූප සටහන මගින් පැහැදිලි කරන්න පුළුවන්.
   
                               තොරතුරු සඳහා ආමුණක් ඇත. යම්කිසි තොරතුරක් සඳහා එහි අවශ්‍යතාවය ඇති පුද්ගලයෙකුට ඒ සඳහා ප්‍රවේශ වීමට හැකි විය යුතුය. යම් තොරතුරක් යම්කිසි පුද්ගලයෙකුට අදාළ වීම හා වෙනත් පුද්ගලයෙකුට අදාල නොවීමට ද හැකිය. නිදසුනක් වශයෙන් දෛනික විනිමය අනුපාත පිළිබඳ විස්තර රූපලාවන්‍ය ශිල්පිනියකට අදාල නොවිය හැකිය.

තොරතුරු වල ලාක්ෂණික

    * සාපේක්ෂය (relative)
    * අර්ථාන්විතය (meaningful)
    * ක්‍රියාවට පොළඹවයි. (action motivator)
    * මුල් දැනුම යළි අළුත් හා ස්ථීර කරයි.
    * ඇතැම් විට ආර්ථිකමය සම්පතක් (economic reource) ලෙස සැලකේ.
    * ගනුදෙනු (transaction) වල දී හවුල් කර ගැනීම (ශරෙ) පමණක් කළ හැකි වන අතර හුවමාරු (exchange) කිරීම සිදු නොවේ.

                  තොරතුරුවල තිබෙන අර්ථාන්විත බව පිළිබඳව ඔබ දැනටමත් අසා ඇත. එනමුත්, ඒවායේ තත්වය (quality) වැඩි දුයුණු කිරීමටද හැකියාව තියෙනව. පහලින් දැක්වෙන්නේ තොරතුරු වල තත්වය වැඩි දියුණු කිරීම සඳහා අදාළ වන සාධක යි. (factors)

    * අදාළත්වය (relevance)
    * පූර්ණ බව (completeness)
    * නිරවද්‍යතාව (accuracy)
    * පැහැදිලි බව (clarity)
    * කාල සීමාවන් (time lines)
    * සන්නිවේදනය යොදා ගැනීම. (communication)

                      යම්කිසි තොරතුරක වටිනාකම (value) නිර්ණය කරනු ලබන්නේ එහි අදාළත්වය (relavance) පදන්ම් කරගෙනය. තොරතුරු වල වටිනාකම කාලයත් සමග අඩුවන බව අප තේරුම් ගත යුතුය. ඒවායේ ඉහළ ම වටිනාකම ඇත්තේ ඒවා සැකසූ සැණින්ය. මේ අනුව, අපට තොරතුරු සඳහා " ස්වර්ණමය නීතිය " ( Golden rule ) අර්ථ දැක්විය හැකිය.


 අපගේ අනෙකුත් පාඩම් මාලාවන් හා සම්බන්ධ වෙන්න පහල ලින්ක් වලින් එන්න
IT Lesson 01
IT Lesson 02
IT Lesson 04
IT Lesson 05
IT Lesson 06

No comments:

Powered by Blogger.