Ads Top

Aluth Hot News

ලොව වැඩිපුර අලෙවි වූ ඩ්‍රෝන කැමරාව.



                             මෑත කාලයේදී බොහෝ සේ ජනප්‍රිය වූ තාක්ෂණික උපාංගයක් ලෙස ඩ්‍රෝන යානා හැඳින්විය හැකිය. හුදෙක් මිනිසාගේ විනෝදාංශය හා වාණිජමය මුදල් ඉපැයීම අරමුණු කරමින් මෙම ඩ්‍රෝන යානා භාවිතා කරයි. මෙම සීමිත කාලය තුළ නිර්මාණය වූ එකිනෙකාට වෙනස් ඩ්‍රෝන යානා සංඛ්‍යාව ඉතා විශාලය. ඒවා විවිධ ප්‍රමාණවලින්, හැඩයන්ගෙන් මෙන්ම විවිධ හැකියාවන්ගෙන් ද එම යානා යුක්ත වෙයි. මෑත කාලයේදී වෙළඳ පොළ තුළ සාර්ථකව අලෙවි වූ කැමරාවක් සහිත ඩ්‍රෝන යානාව ලෙස Phantom 2 Vision + හැඳින්වෙයි.


    මෙසේ මෙම Phantom 2 Vision + ඩ්‍රෝන යනාව මෙතරම් අලෙවියක් ලැබීමට හේතුව ලෙස මෙය මිනිසාට ඉතා සමීප යානාවක් වීම හා භාවිතයේදී ඇති පහසුව මූලික තැනක් ගනී. රේඛා තුනක් ඔස්සේ මෙම කැමරාව හැසිරිවිය හැකි නිසා අවශ්‍ය ස්ථානය පහසුවෙන් ග්‍රහණය කරගත හැකිය. මෙහි විශේෂ ස්ථානයක් හිමිවන්නේ HD ( 1080* 720 ) කැමරාවටය. 4384*3288 විභේදන බලයකින් යුත් මෙම කැමරාව මෙගාපික්සල්14කින් යුක්ත වෙයි. මෙය සියුම්ව එහා මෙහා  කළ හැකි නිසා ලබාගන්නා ඡායාරූපවල ගුණාත්මකභාවය එලෙසින්ම ආරක්ෂා වෙයි. ඒ සඳහා DJI Vision මෘදුකාංගය යොදාගත යුතු වෙනව. ආධුනිකයෙකුට වුවද මෙම යානාව පහසුවෙන් ගුවන්ගත කළ හැකිය.

DJI Vision මෘදුකාංගය පහලින් ගිහින් බාගන්න  පුළුවන්.
           https://itunes.apple.com/us/app/dji-vision/id669439159?ls=1&mt=8 https://play.google.com/store/apps/details?id=com.dji.vision

    මෙය තරම විශාල වන අතර නැවත ආරෝපණය කළ හැකි බැටරියකින් සමන්විත වෙනවා. LiPo බැටරියකින් සමන්විත 2000mAh ධාරිතාවකින් යුක්ත වෙයි. බැටරි ධාරිතාව LED බල්බ මගින් පාලක පුවරුවේ දර්ශනය වේ.

මේ සඳහා සහය දක්වන ඇපල් මොබයිල් උපාංග,
    iPhone 4s, iPhone 5, iPhone 5s, iPhone 6, iPhone 6 Plus, iPod toch 5

මේ සඳහා සහය දක්වන ඇන්ඩ්‍රොයිඩ් මොබයිල් උපාංග,
    Samsung Galaxy S3, S4, Note 2, Note 3 හා මීට සමාන විශේෂාංග වලින්සමන්විත ඇන්ඩ්‍රොයිඩ් උපාංග සහය දක්වයි.


   *මෙහි කැමරාව හා ඔබේ ස්මාර්ට්ජංගම දුරකථනය හරහා WiFi තාක්ෂණය මගින් සම්බන්ධතාව ගොඩනගාගත හැකි වෙනව.
    * මෙය 4GB මයික්‍රෝ SD කාඩ්පතක් සවිකිරීමේ හැකියාවකින්ද යුක්ත වෙනව.
    * මෙහිදී ලබාගන්නා ඡායාරූප Raw ආකාරයෙන් ලබා ගැනීමට හැකි වීම.
    * Adobe Lens Profile සහාය දක්වයි. ඒ නිසා Adobe Photoshop සඳහා Adobe Lightroom සහ Adobe Primiere වැනි මෘදුකාංග සඳහා පහසුවෙන් යොදාගත හැකි වෙනව.
    * GPS තාක්ෂනය හරහා මෙය ගුවනේදී තියෙන ස්ථානය සොයාගත හැකි වෙනවා. දුරස්ථපාලකය හ සම්බන්ධිත ස්මාර්ට් ජංගම දුරකථනය මගින් සමස්ත ගමන් මාර්ගය සිතියමකින් දැක්වෙයි.
    * මීටර් 700ක උසක් දක්වා WiFi සම්බන්ධතාව පවත්වාගත හැකිය.
    * DJI 5200mAh LiPo බැටරියකින් මෙයට සහය දක්වයි.

No comments:

Powered by Blogger.