Facebook Messenger සමග භාවිතා කළ හැකි Apps එළිදැක්වේ.
දිගු කාලයක් පුරා Facebook App එකෙහිම internal App එකක් විදියට ක්රියාත්මක වූ Massenger App එක වෙනම ඇප් එකක් ලෙස එළිදැක්වූ පසු ඒ හා සමග ක්රියාත්මක විය හැකි ඇප් නිපදවීමේ අවස්ථාවද මෘදුකාංග සංවර්ධකයන්ට ලබාදී ඇත. මේ අනුව Massenger සමග ක්රියාත්මක විය හැකි ප්රථම ඇප්ස් පෙළ නිකුත් කිරීමට Facebook සමාගම කටයුතු කරල තියෙනව. මේ අනුව Selfied, Shout, Strobe හා Sound Clips ලෙස නව Apps 3ක් එළිදැක්වීමටද, Stickered App එකට නව අංග කිහිපයක් එක් කිරීමටද Facebook සමාගම තීරණය කර ඇත.
Selfied App එක හරහා ඔයාලගේ මුහුණේ විවිධ ඉරියව්වල Selfies ලබාගෙන ඒවා Emoticons ලෙස භාවිත කිරීමේ අවස්ථාව ලබා දීල තියෙනව. Shout App එක භාවිත කර ඔබටම You Tube Blogger, Thumbnail වල දක්නට තියෙන ආකාරයට Photo එකක් සදා එය ඔයාලගේ යහළුවන් සමග Share කිරීමටද හැකිය. Sound Clips හරහා විවිධ තේමාවන් යටතේ ඇති Sound Clips හිතවතුන් සමග Share කිරීමේ හැකියාවද මෙහි තියෙනව. ඒ වගේම Strobe හරහා GIF Images සාදා ඒවා Share කිරීමද කල හැකිය. එමෙන්ම Stickered App එක භාවිත කර ඔබගේ ඡායාරූපවලට Clip Arts එක් කිරීමේ හැකියාවද පවතිනව. මෙම ඇප් සියල්ලම Google Play Store හරහා නොමිලයේ බාගන්න පුළුවන්.
No comments:
Post a Comment