Ads Top

Aluth Hot News

Google Drive - OCR පහසුකම තවදුරටත් වර්ධනය වෙයි.


                               Optical Character Recognition - OCR පහසුකම කියන්නේ ඔබ ලබා ගන්නා ඡායාරූපයක තියෙන වචන කියවල ඒවා Text එකක් බවට පත් කිරීමේ තාක්ෂනය යි. Google Drive සමග මේ පහසුකම ලබා දීමට Google සමාගම කටයුතු කරගෙන තියෙනව. ඒත් මෙතෙක් කල් මෙම සේවාව හරහා කියවීමට හැකියාව ලැබුණේ ඉංග්‍රීසියෙන් තියෙන වචන පමණි. මෙම පහසුකමට නව අංග එක් කරමින් භාෂා 200ක් හඳුනා ගැනීමට හැකි පරිදි මෙම පහසුකම වර්ධනය කිරීමට Google සමාගම කටයුතු කරල තියෙනව. Google Drive Android App එක භාවිතා කිරීමෙන්ද මෙම නවීන පහසුකම ඔබට අත්විඳින්නට පුළුවන් වගේම ඒය ඉතාමත් පහසුවෙන් භාවිතා කළ හැකි පරිදි සකස් කිරීමටද Google සමාගම කටයුතු කරල තියෙනව. ඡායාරූපයක තියෙන වචන තියෙන්නේ කුමන භාෂාවකින්දැයි ඉතා ඉක්මනින් හඳුනා ගැනීමටද මෙම සේවාව සමත් වෙනව. භාෂා 220ක් සමග ඉතාමත් හොඳින් මෙය ක්‍රියාත්මක වන නිසා ලොව පුරා බොහෝමයක් දෙනෙක් අතර මෙම සේවාව ඉතාමත් ඉක්මනින්ම ප්‍රචලිත වෙයි කියල බලාපොරොත්තු වෙන්න පුළුවන්.


No comments:

Powered by Blogger.