Ads Top

Aluth Hot News

IT Lessons 05


අපි අද කලින් කතාකල ක්ෂේත්‍ර මගින් සිදුවන සේවය ගැන කතා කරමු.

බැංකු හා මූල්‍යකරණය (Banking and Accounting)


     * අලෙවිකරණය (Sales) සහ මිලදී ගැනීම (purchase)
    * ලෙජර (ledger) වැනි ගිණුම් පද්ධති ස්වයංක්‍රීයකරණය (automation)
    * වෙළඳ භාණ්ඩ පාලනය (stock control)
        මෙහිදී වෙළඳ භාණ්ඩ දත්ත සමුදායට (stock database) අන්ත පරිගණක (Terminals) සම්බන්ධ කරයි.
    * බැංකුකරණයේ දී භාවිතා වන වඩාත් ප්‍රචලිත වී ඇති ස්වංයක්‍රීය ටේලර් යන්ත්‍ර ( ATM- Automatic Teller Machine )ගනුදෙනු, දුරස්ථ බැංකුකරණය සහ මුදල් කාඩ්පත් ගෙවීම (Credit card payments) ICT මගින් ලැබෙන සේවා ලෙස දැක්විය හැකිය.

අධ්‍යාපනය (Education)


                         මේ ක්ෂේත්‍රය තුලදී ඉගෙන ගන්න (learning) ඉගැන්වීමට (teaching) සහ අධ්‍යාපන පරිපාලනයට (Educational Administration) තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය ප්‍රයෝජනවත් වේ. ශිෂ්‍යයින්ට අධ්‍යාපනය සඳහා පරිගණකය භාවිතා කළ හැකි ආකාරය පිළිබඳව ඔබට යම් වැටහීමක් ඇත. උදාහරණයක් විදියට අන්තර්ජාලයේ (internet) සැරිසරා ගැටළු ඇති විෂයන් තේරුම් ගැනීම, ආමතර දැනුමක් ලබාගැනිමට සහ පහසුවෙන් තේරුම්ගත හැකි ආකාර වලට  නිර්මාණය කර ඇති අධ්‍යාපන සම්පත් (Educational materials) පරිශීලනය කිරීම දැක්විය හැකි ය. ගුරුවරුන්ටද තමන්ගේ ශිෂ්‍යයන්ට තේරුම් ගන්න පුලුවන් ආකාරයේ රසවත් ආකාරයෙන් පාඩම් සැලසුම් කිරීමට තොරතුරු තාක්ෂණය ඉවහල් වනු ඇත. මෙහිදී බහුමාධ්‍ය (Multimedia) සහ පරිගණක මෘදුකාංග (Software) යොදා ගැනීමෙන් අධ්‍යාපනය උසස් තත්වයකින් (Quality Education) සිසු පරම්පරාව වෙත ලබා දීමට හැකි වනු ඇත.

     තවද ඒ වගේම පාසල් කළමණාකරණයට (School administration) පරිගණක භාවිතා කිරීමෙන්, සිසුන්ගේ වාර්තා (records) විභාග ප්‍රතිඵල සහ ලකුණු පවත්වා ගැනීමට පමණක් නොව පාසලේ කාර්යාලයීය කටයුතු සඳහා ද ඉමහත් පහසුවක් සැලසෙයි.

ආරක්ෂක කටයුතු (Security and Defence)


       පරිගණක භාවිතා කර අපරාධකරුවන්ගේ විස්තර ඇතුළත් දත්ත සමුදායක් (database) පවත්වා ගෙන යාමෙන්, ඔවුන්ව ලුහුබැඳ අල්ලා ගැනීමට (track down) පහසු වනු ඇත. අපරාධකරුවන් ඔවුන් ගේ බාහිර ස්වරූපය වෙනස් කළ ද පරිගණකයට ඔවුන්ගේ ඡායාරූප සංසන්දනය කිරීමෙන්කොතෙක් දුරට ඔවුන් මුල් ඡායාරූපය සමඟ සැස‍ඳෙන්නේ දැයි නිර්ණය කිරීමට පුළුවන්. ඒ වගේම යුධමය සහ ක්‍රියාන්විත කටයුතු වල් දී (warfare) මිසයිල (Missiles) සඳහා මග පෙන්වීමට පරිගණකය භාවිතා  කිරීම මගින් නිවැරදි ලෙස ඉලක්කය වෙත එය එල්ල කිරීමට එමඟින් හැකි වෙනව. තවද න්‍යෂ්ඨික බලාගාර වල ක්‍රියාකාරකම් නිරීක්ෂණය කිරීමට සහ පාලනය කිරීමට ද පරිගණකය භාවිතා කරගන්න පුළුවන්. මිනිසුන් ප්‍රායෝගිකව යෙදිය නොහැකි අවස්ථාවල දී ආරක්ෂක කටයුතු සඳහා සුදුසු කැමරා පද්ධතියක් යොදා ගැනේ.




 අපගේ අනෙකුත් පාඩම් මාලාවන් හා සම්බන්ධ වෙන්න පහල ලින්ක් වලින් එන්න
IT Lesson 01
IT Lesson 02
IT Lesson 03
IT Lesson 04
IT Lesson 06

No comments:

Powered by Blogger.