Ads Top

Aluth Hot News

Android Studio ස්ථාවර සංස්කරණයක් නුකුත් වේ.

  
 
                         ඔබ Android සඳහා මෘදුකාංග නිර්මාණය කරන මෘදුකාංග නිර්මාපකයෙක්ද, එහෙනම් ඔබට මෙය වඩා වැදගත් වූ කාරණයක් වෙයි. Android App නිර්මාණය කිරීම සඳහාම විශේෂයෙන්ම සකසන ලද IDE - Integrated Development Environment එකක් නිකුත් කිරීමට  Google සමාගම කටයුතු කරල තිබුණා. මේ IDE එක ඔවුන් නම් කරල තියෙන්නේ Android Studio ලෙසයි. මෙම මෘදුකාංගයේ 1.2 වන සංස්කරණයේ Beta අවධිය පසු කරමින් එය ඕනෑම මෘදුකාංග නිර්මාපකයෙකුට භාවිතා කළ හැකි පරිදි වන ස්ථාවර සංස්කරණයක් වෙළඳ පොළට නිකුත් කිරීම පසුගියදා සිදු විය.
    Beta සංස්කරණයේදී හඳුනාගත් අඩුපාඩු සියල්ල පාහේ ස්ථාවර සංස්කරණයත් සමග සකස් කර තිබෙනා අතර නව අංග කිහිපයක්ද ස්ථාවර සංස්කරණයට එක් කිරීමට Google සමාගම කටයුතු කරල තියෙනව. ඔබ මේ වනවිටත් Android Studio භාවිතා කරමින් සිටි නම් එහි Update කර ගැනීමේ හැකියාව දැන් තිබේ.

Android Studio එක බාගන්න මෙතනින් එන්න.

No comments:

Powered by Blogger.