Ads Top

Aluth Hot News

iCar release date rumours


               අනාගතයට ගැලපෙන පරිදි මෝටර් රථයක් නිර්මාණය කරමින් ඇති බව ඇපල් සමාගාම නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියා, ඔවුන් කියන මේ කාරය (iCar) හැඩය මොන ආකාරයක් ගනීවීදැයි ග්‍රැ‍ෆික් නිර්මාණය මගින් අදහස් ප්‍රකාශ කිරීමට පටන් අරන් තියෙනව

.
    ඇපල් සමාගමේ මීළඟ ඉලක්කය වෙලා තියෙන්නෙ මෝටර් රථ වෙළඳපොලට ස්වංක්‍රීය මෝටර් රථයක් ඉදිරිපත් කිරීම නොරහසකි. කෙසේ නමුත් අද තරඟකාරී සමාගම් වලට හොර රහසේ මේ  මෝටර් රථයේ අත්හදා බැලීම් සිදුකිරීම සඳහා තැනක් සොයමින් සිටින බව තහවුරු කෙරෙන ලියවිල්ලක් ' ද ගාර්ඩියන් ' පුවත්පත ප්‍රසිද්ධියට පත්කිරීමත් සමග iCar පිළිබඳනැවත වරක් බොහෝ දෙනෙකුගේ අවධානය යොමුවෙලා තියෙනව. මේ ලියවිල්ලට අනුව ඇපල් සමාගමේ ඉංජිනේරුවන් පිරිසක් පසුගිය මැයි මාසයේදී ගෝමෙන්ටම් නම් සමාගමේ නිලධාරීන් හමු වී අධි ආරක්ෂිත කලාපයක් ස්ථාපනය කල හැකි ස්ථානයක්  මොවුන්  ඉලා තිබෙනව. අක්කර 2100 ක විශාල කමකින් යුත් ගෝමෙන්ටම් භූමිය සැන් ෆ්‍රැන්සිස්කෝ අසල පිහිටා තියෙන මේ කලින් ඇමරිකානු නාවුක කඳවුරක් පිහිටි ස්ථානයක්.



    සාමාන්‍යයෙන් තමන්ගේ නිෂ්පාදනවල තොරතුරු අවසන් මොහොත දක්වාම රහසිගතව තියාගන්න ඇපල් සමාගම මෑතකදී ඇපල් අත් ඔරලෝසුවක් (iWatch) නිර්මාණය කලා, කොහොම වෙතත් මේ කාර් එක කෙසේ ඇතිදැයි ලෝක වාසී ඇපල් රසිකයන් විවිධ වූ අනුමාන පලකරනවා. ඉතින් මේ ගැන ඇපල් සමාගම මේ වනතෙක් කිසිදු නිවේදනයක් නිකුත් කර  නැති වීමද විශේෂත්වයක්.




No comments:

Powered by Blogger.