ඊයේ ජර්මනියේ පැවති Gamescom සමුළුව අතර තුර Microsoft සමාගම සිය “Xbox
One” gaming console එකේ white version එක හදුන්වා දෙනු ලැබුවා. මේ වන තුරු
මෙම Xbox One හි සුදු පැහැති සංස්කරණය, Microsoft හි සේවකයින් සදහා පමණක්
සිමාවී තිබුනා. සුදු පැහැති controller එකක් හා “Sunset Overdrive” game එක
සමගින් bundle එකක් ලෙසින් ඔක්තෝබර් මස 28 වැනිදා වෙළදපලට පැමිණීමට නියමිත
මෙහි මිළ $399 යි. මෙම white version එකට Kinect sensor එකක් ඇතුලත්
වෙන්නේ නැහැ.
ඊට
අමතරව Call of Duty: Advanced Warfare limited edition console නමින් තවත්
bundle එකකුත් ඊයේ දිනයේදී හදුන්වාදෙනු ලැබුවා. “Call of Duty: Advanced
Warfare” game එක හා එයට ගැලපෙන controller මෙම bundle එකට ඇතුලත්. මෙහි
ඇති අනෙක් විශේෂත්වය නම් එහි 1TB internal hard drive එකක් ඇතුලත් වීමයි.
Kinect sensor නොමැති මෙම Xbox One Call of Duty: Advanced Warfare limited
edition කොන්සෝලය නොවැම්බර් මස 3 වැනිදා වෙළදපලට නිකුත් කිරීමට නියමිතයි.
එහි මිළ $499 යි.
අවසාන
වශයෙන් තවත් එක් bundle එකක් ඊයේ දිනයේ Microsoft විසින් හදුන්වාදෙනු
ලැබුවා. ඒ Xbox One FIFA 2015 bundle එකයි. Xbox One console එක,
controller, headset, ‘FIFA 2015″ game එකේ පිටපතක් හා Ultimate Team
Legends Gold Pack එක මෙම bundle එකට ඇතුලත්. යුරෝපය තුල පමණක් නිකුත්
කිරීමට නියමිත මෙම console එකේ වටිනාකම 400 EUR යි.
Microsoft විසින් Xbox One හී සංස්කරණයන් කිහිපයක් හදුන්වාදෙයි.
Reviewed by
Unknown
on
10:50 AM
Rating:
5
No comments:
Post a Comment