Monefy ඔබේ මුදල් පාලනයට බාරදීමට.

ඔබගේ මුදල් ගනුදෙනු සම්බන්ධයෙන් ස්ථාවරත්වය දැඩිකිරීමට මෙම වැඩසටහන වඩාත් යෝග්‍යය වනු ඇත. මුදල් පාලනයේදී වැදගත් වන කරුණ වන්නේ වියදම් සම්බන්ධයෙන් දැනුවත්ව සිටීමයි. එසේම වියදම් මතක තබා ගැනීමත්, ඒවා සටහන් කරගැනීමත් අත්‍යවශ්‍යය.
නමුත් කාර්යබහුල ජීවිත ගෙවන්නන්ට එලෙස සටහන් තබා ගැනීම සහ තවත් කරුණු කාරණා අතපසු වන නිසා මෙම Monefy ඇන්ඩ්‍රොයිඩ් App එක ඒ සඳහා ප්‍රයෝජනවත් වනු ඇත. ඔබ ගෙවීම් සිදු කරන සියලු අවස්ථා සරලව ඇතුලත් කිරීමට මෙහිදී හැකිවන අතර, වියදම් වුණු මුදල පමණක් ඔබට සටහන් කිරීමටද හැකිවනු ඇත. ඔබගේ වාර්තා සමග විශ්ලේෂණයකට පැමිණීමටත්, මකා දැමීමට හෝ සංරක්ෂණය කර සැසඳීමත් හැකි වා අතර, මෙහි සරල අතුරු මුහුණත ඊට පහසුව සලසයි. පහසුවෙන් නව දත්ත ඇතුළු කළහැකි අතර, ඔබගේ වියදම් කාණ්ඩ ඔබට පහසු ලෙස පූර්ව සැකසීමට මෙන්ම ලක්කිරීමටද පුළුවන.
ඔබට වාර්තාවක් සකසා ගැනීමට කාල සීමාවන් ලබාදිය යුතු අතර, එම කාලය තුළ ඔබගේ දත්ත වාර්තාවට එක්වනු ඇත. ඔබේ දත්ත ආරක්ෂිතව තැබීමට මුරපද ආරක්ෂකයක්ද යොදා ඇති අතර මෙමගින් විජෙට්‍ටුවක්ද සපයයි. මෙහි දැන්වීම් නොමැති නිසා ඒය භාවිතයට විශාල පහසුවක් වනු ඇත.







App එක මෙතනින් ගන්නකො.
No comments:
Post a Comment