Google Cloud Print App එක අළුත් වේ.

ඔයාලට මේච්චර
කාලයක් Google Cloud Print සේවාව ඇප්
එකක් ආකාරයට නොපෙනුණා විය හැකිය. ඒත් ඔබ අළුත් Printer එකක් Add කරනකොට හරි
යමක් කර Print ගැනීමට යන
විට ඔබ ඉබේම යොමුවන්නේ වෙනමම ඇප් එකක් වෙතය. මෙම ඇප් එකට වෙනස්කම් කිහිපයක් එක්
කිරීමට Google සමාගම කටයුතු
කර තිබේ.
අළුත්
වෙනස්කම් එක්ක එහි අතුරු මුහුණත සුදු පැහැ කිරීමට කටයුතු කර ඇති බව දැක ගන්න
පුළුවන්. Sidebar එක Action bar එකට ඉහළින් පහළට දිග හැරෙන ආකාරයට නිමව ඇති අතර,
අළුත් Color Palette එක Lolipop සංස්කරණයේ Settings Munu එකට ගැළපෙන ලෙස සකසා තිබෙන දැකගත හැකිය.
මීට අමතරව ඇප් එකට නව අයිකන් ( icon ) එකක් ලබා දීමට සමාගම කටයුතු කර තිබේ. මේ ඇප් එක ඔයාලගෙ උපාංගය වෙත Push කිරීමට Google සමාගම කටයුතු කරන අතර, ඔබට අවශ්‍ය නම් Google Play Store හරහා මෙය භාගත ( Download
) කර ගන්නත් පුළුවන්.















මෙතනින් ඇප් එක බාගන්නකෝ.
No comments:
Post a Comment