සිහින රෝද පුටුවක්.

ආබාධිත පුද්ගලයන්ට මිල කළ නොහැකි වූ විශේෂිත සේවාවක් සපයන උපාංගයකි රෝද පුටුව. ආබාධිත වීමට පෙර යෙදුණු ක්‍රියාකාරකම් ආබාධිත වූ පසු සිමාවෙයි. නමුත් රෝද පුටුව මතම සිටිමින් කඳු නැගීමට බාධක සහිත ස්ථානවල ගමන් කිරීමට හැකිනම්. ඊලගට පිළියමක් නිර්මාණ ශිල්පීන් පිරිසක් විසින් සිදුකර තිබේ. රෝද පුටු ආදී නිෂ්පාදනය කරනු ලබන GRIF සමාගමේ රෝද පුටුවක් ' ක්‍රීඩා භාණ්ඩයක් ' ලෙස වැඩිදියුණු කරමින් නිපදවා ඇත.
- මෙය මවුන්ටන් පාපැදියක් හා රෝද පුටුවක සංකලනයකි.
- විශාල තාක්ෂණයක් මෙහි නොවන අතර ඉතාමත් සරල උපකරණයකි.
අවුරුදු දහයකට පමණ පෙර MIT හි සිසුන් පිරිසක් විසින් සිදුකළ Leveraged Freedom Chair ව්‍යාපෘතිය මගින් Freedom Chair හි උපත සිදු විය.මිනිසුන්ට අවශ්‍ය පැරණි මෙවලම් වැඩිදියුණු කිරීම අරමුණු කරගනිමින් නිෂ්පාදනය කිරීම මෙම සිසු කණ්ඩායම පැවරිණි. රෝද පුටු සඳහා ඔවුහු පිවිසියහ.
සෑම මාර්ගයක ගමන් ගන්නා රෝද පුටුවක් නිර්මාණය වුණු මුල්ම අව්ස්ථාව මෙය නොවේ.
මීට ආවේනික වූ හැඬල දිත්වයක් රෝදයේ සිට ඉහළට විහිදෙන අතර එය ඉහළ පහළ චලනයෙන් ගමන් කළ හැකිවෙයි.
මෙහි ස්ථායිතාව වැඩිකිරීම සඳහා අඟල් 8.75 වූ ශක්තිමත් රබර් වලින් ඉදිරිපස රෝද නිර්මාණය කර තිබේ.
මෙහි ස්ථායිතාව වැඩිකිරීම සඳහා අඟල් 8.75 වූ ශක්තිමත් රබර් වලින් ඉදිරිපස රෝද නිර්මාණය කර තිබේ.

කිලෝග්‍රෑම් 100ක බරක් දැරිය හැකිය.
අපට අවශ්‍ය සේ සැකසිය හැකි කුෂන් ආසනයකින් යුක්ත වෙයි.
- කිසිදු විද්‍යුත් බලයක් මීට දායක නොවන අතර තම අතින් ගමන් කිරීමට අවශ්‍ය බලය සපයයි.
- සාමාන්‍ය රෝද පුටු තම අතින් රෝදය කරකැවීම සිදුකළ යුතු අතර මෙහිදී එසේ කිරීම අවශ්‍ය නොවෙයි.
මෙය හකුළා වාහනයකද පහසුවෙන් දැමිය හැකිය.


මුහුදු වෙරළ, කඳු වැට්වල, රළු මාර්ගවල ආදී රෝද පුටුවකින්ළඟාවිය නොහැකි ස්ථාන වෙත ළඟාවීමට මෙම රෝද පුටුවෙන් හැකියාව ලැබේ. නිෂ්පාදකයින් පවසන්නේ සෑම බිම් ප්රදේශයකටම මෙම රෝද පුටුව ගැළපෙන බවයි.

මෙය මිල ගණන් දෙකක් යටතේ වෙළඳ පොළට ඉදිරිපත් කිරීමට නියමිත අතර, Kickstarter වෙබ් අඩවිය ඔස්සේ සිදුකළ විකුණුම් වලදී එක් මිල කාණ්ඩයක් යටතේ ( අවම මිල කාණ්ඩය ) විකුණූ උපාංග මේ වනවිට විකිණි අවසන්ය.පෙර රෝද පුටු සංස්කරණ GRIT සමාගම 2012 වසරේදී මෙම පුටු ලොව පුර ඇති දියුණුවෙමින් පවතින රටවල්වලට බෙදා දීම සිදුකරන ල්දී. රාජ්‍යනොවන සංවිධාන සහ අනෙකුත් සංවර්ධන සංගම් මගින් ඉන්දියාව පුරා මෙම රෝද පුටුව විශාල ප්‍රමාණයක් ඩොලර් 250ක වැනි මුදලකට අලෙවිකර තිබේ.
www.kickstarter.com වෙබ් අඩවියෙන් ඡායාරූප උපුටා ගන්නා ලදී.
No comments:
Post a Comment